ඉංගිරිය ප්‍රදේශය දිවයිනේ බටහිර මුහුදු සීමාවේ සිට කිලෝමීටර් 24 න් ආරම්භවී කිලෝමීටර් 8.8 ක් පමණ රට මැදට විහිදේ. සමස්තයක් වශයෙන් ප්‍රදේශය පුරාම හුදකලා කඳු පිහිටා ඇති අතර නැගෙනහිර මායිමේ කඳුමය ලක්ෂණ වැඩි වශයෙන් දක්නට ඇත. ප්‍රදේශයේ උසම ස්ථානය කොට්ටියාවත්ත ග්‍රාම නිලධාරී වසමේ පිහිටි අඩි 1165 උස මඩකඩ ගිරංචි කන්දයි. මීට අමතරව ඇදුරගල ග්‍රාම නිලධාරී වසමේ පිහිටි ඇදුරගල කන්ද අඩි 700 ට වඩා වැඩි උසකින් යුක්තවේ. තවද නැගෙනහිර අර්ධයේ තැනින් තැන අඩි 500 ට වඩා උස්වූ හුදකලා කඳු පිහිටා ඇති අතර බටහිර අර්ධයේ ද එවැනිම උස් හුදකලා කඳු දැකිය හැකි මුත් මුළු බිම් ප්‍රමාණයෙන් 60% ක් තැනිතලා ප්‍රදේශ වේ.
හෙක්ටයාර 9204ක විශාලත්වයකින් යුත් මෙම ප්‍රදේශය දිස්ත්‍රික්කයේ මුළු බිම් ප්‍රමාණයෙන් 5.75%ක් වේ. භූමියේ උන්නතාංශය මුහුදු මට්ටමේ සිට මීටර් 400ක් දක්වා වන අතර කලාපයේ මධ්‍යම ප්‍රදේශය, නැගෙනහිර හා ඊසාන ගිනිකොණ කඳු සහිත වේ.
ඉංගිරිය ප්‍රදේශය භූ විෂමතාවය අනුව ප්‍රධාන කොටස් හතරකි.
- ගංගා පිටාර තැනි සහිත පහත් බිම් :- වී වගාව ප්‍රධාන වශයෙන් ව්‍යාප්තව ඇති මෙම ප්‍රදේශය බටහිර නිරිත දිග කලාපයේ විහිදී ඇත.
- බෑවුම් සහිත රැළි බිම් :- මෙම ප්‍රදේශ මීටර් 15 – 40 දක්වා උස් බිම් වන අතර නැගෙනහිර උතුරු හා දකුණු දිශාගතව පිහිටා ඇත. ප්‍රධාන වශයෙන් තේ, රබර් වගාව මේ කලාපයේ දක්නට ඇත.
- මධ්‍යස්ථව බෑවුම් හා දළ බෑවුම් සහිත හුදකලා කඳු :- මීටර් 40 – 100 දක්වා උස් වූ මෙම ප්‍රදේශය නැගෙනහිර කලාපයේ පිහිටා ඇති අතර වන වගාව හා රබර් වගාව ව්‍යාප්තව ඇත.
- කඳු සහ කඳු වැටි සහිත උස් බිම් :- ප්‍රදේශයේ ඊසාන හා නැගෙනහිර කලාප තුළ විහිදී ඇති රක්ෂිත වනාන්තර රබර් වගාව හා සුළු වශයෙන් තේ වගා බිම් මෙම ප්‍රදේශය තුළ දක්නට ලැබේ.
මෙම ප්‍රදේශයේ භූමිය 66%ක් ඉතා අඩු බෑවුම් සහිත ප්‍රදේශ වන අතර එකී ප්‍රදේශ කලාපයේ බටහිර ගතවවිහිදී යයි. මද බෑවුම් සහිත කලාප ප්‍රදේශයේ උතුරු හා මධ්‍යම ප්‍රදේශ ගතවපිහිටා ඇති අතර කඳු හා මද බෑවුම් සහිත කලාප විශේෂයෙන් ඊසාන හා නැගෙනහිරකොටස් වල ව්‍යාප්ත වී ඇත.
දළ බෑවුම් සහිත කඳුකර ලක්ෂණද බෑවුම් සහිතරැලි බිම් ද හුදකලා කඳු හා තැනිතලා බිම් ද පිහිටා තිබීමෙන් මෙම ප්‍රදේශයේභූ විෂමතාවය විවිධත්වයක් ගනී. වලල්ලාවිට, බුලත්සිංහල වැනි ප්‍රදේශ වල මෙන්කඳු බෑවුම් සහිත කඳුකර ලක්ෂණද පානදුර, කළුතර මෙන් මුළුමනින්ම තැනිතලා ලක්ෂණද මෙම ප්‍රදේශය දක්නට නොමැත.
දළ බෑවුම් සහිත කලාප ලෙස අරකාවිල, කුරණ, කදනපිටිය, ඌරුගල, නම්බපාන ග්‍රාම නිලධාරී වසම් ද මද බෑවුම් සහිත කලාප ලෙස ඉංගිරිය අවට හා හදපාන්ගොඩ ග්‍රාම නිලධාරී වසම් ද නම් කළ හැකිය. ප්‍රදේශයේ උතුරු හා බටහිර මායිම් ඉතාමත් මද බෑවුම් සහිත විශේෂයෙන් තැනිතලා බිම්ප්‍රදේශ වශයෙන් හැදින්විය හැකිය.
එක් එක් කලාපයට අයත් බිම් ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස
බෑවුම් කලාප | බිම් ප්‍රමාණය (හෙක්ටයාර්) | ප්‍රතිශතය% |
---|---|---|
0.8% | 6076 | 66.07% |
8.16% | 1560 | 16.95% |
16.30% | 1095 | 11.90% |
30.60% | 363 | 3.94% |
60% ට වැඩි | 110 | 1.20% |
එකතුව | 9204 | 100.0% |