×

HOW TO CONTRIBUTE

1 Arrange Your Information
2 Categorize as Article, Photo, News
3 Send it to Us

If you still have problems, please let us know, by sending an email to admin@ingiriyacity.lk. Thank you!

HOURS

Mon-Fri 9:00AM - 6:00PM

FORGOT YOUR DETAILS?

කෘෂි කර්මාන්තය

ඉංගිරිය ප්‍රදේශය පහතරට තෙත් කෘෂි කාර්මික කලාපයට අයත් වේ. වාර්ෂික සාමාන්‍ය වර්ෂාපතනය මි.ලී. 4200 ක් පමණ වේ. වාර්ෂික සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 29 – 75 පමණ වේ. ඉංගිරිය ප්‍රදේශයට නිරිත දිග මෝසම් මෙන්ම ඊසාන දිග මෝසම් මගින්ද වර්ෂාපතනය ලැබේ. වර්ෂය පුරාම වර්ෂාව ලැබෙන නිසා කෘෂි කර්මාන්තයට හිතකර දේශගුණයක් පවතී.

ඉංගිරිය ප්‍රදේශයේ ඉඩම් වලින් 98%ක් පමණම ගෙවතු හා වගා බිම් වලට යටවී ඇත. එය පහත වගුව මගින් හඳුනා ගත හැකිය.

ප්‍රධාන භූමි පරිභෝජනය හා ඒවාට බිම් ප්‍රමාණය

භූමි පරිභෝජනය වර්ග ප්‍රමාණය (ව.කි.) ප්‍රතිශතය %
ගෙවතු වගාව 2293 25%
තේ වගාව 582.81 6 %
රබර් වගාව 3067.49 33%
පොල් වගාව 348.97 4%
කුඹුරු 1132.32 12%
වෙනත් වගාවන් 278.78 3%
වන වගාව 801.64 9%
ලඳු කැලෑ 157.38 2%
ජල තල 123.88 33%
වෙනත් බිම් 416.84 5%
එකතුව 9204 100%
මූලාශ්‍රය :- ඉඩම් පරිහරණ දත්ත ප්‍රා.ලේ. කාර්යාලය ඉංගිරිය

ඉහත සටහනට අනුව ඉංගිරිය ප්‍රදේශයේ ප්‍රධාන වැවිලි බෝග වශයෙන් තේ පොල්, රබර් හා වී ප්‍රධාන වේ.

කුඹුරු ප්‍රමාණය

ඉංගිරිය ප්‍රදේශයේ පවතින මුළු කුඹුරු ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් 935 කි. එය ග්‍රාම නිලධාරී වසම් අනුව ව්‍යාප්තව ඇත්තේ පහත සටහනේ දැක්වෙන අයුරිනි.

අනු අංකය ග්‍රාම නිලධාරී වසමේ නම වසමේ අංකය කුඹුරු ප්‍රමාණය
01 වගවත්ත 618 88.63
02 පෝරුවදණ්ඩ නැගෙනහිර 618 ඒ 26.31
03 කැකුලලිය 618 බී 46.94
04 පෝරුවදණ්ඩ බටහිර 618 සී 32.39
05 ඌරුගල නැගෙනහිර 619 4.86
06 නම්බපාන 619 ඒ 4.45
07 ඌරුගල බටහිර 619 බී 2.43
08 ඉංගිරිය නැගෙනහිර 620 0.40
09 ඉංගිරිය බටහිර 620 ඒ 22.26
10 රයිගම්වත්ත 620 බී 6.07
11 ඉංගිරිය උතුර 620 සී 17
12 නිමලගම 620 ඩී 23.47
13 ඇදුරාගල 620 ඊ 46.13
14 දොඹගස්කන්ද 620 එෆ් 0.80
15 මහ ඉංගිරිය 621 ජී 2.83
16 මාපුටුගල 621 55.85
17 රත්මල්ගොඩ නැගෙනහිර 621 ඒ 25.91
18 රත්මල්ගොඩ බටහිර 621 ඒ 37.64
19 පැල්පිටිගොඩ 622 34.41
20 හඳපාන්ගොඩ දකුණ 623 32.60
21 හඳපාන්ගොඩ නැගෙනහිර 623 ඒ 20.24
22 හඳපාන්ගොඩ බටහිර 623 බී 34
23 බටුගම්පල 624 29.95
24 කැකුළදොල 624 ඒ 18.21
25 අරකාවිල 625 44.92
26 මෙනේරිගම 625 ඒ 78.52
27 කඳනපිටිය 626 17
28 කොට්ටියාවත්ත 626 ඒ 7.28
29 කුරණ දකුණ 627 2.43
30 කොටිගල 627 ඒ 7.28
31 කුරණ උතුර 627 බී 8.10
මූලාශ්‍රය :- ග්‍රාම නිලධාරී දත්ත එකතුව - 2011

වගා කරන ලද ප්‍රමාණය යල / මහ

2014 යල මහ කන්නයේ වගා කරන ලද ප්‍රමාණයන් හා වී අස්වැන්න නෙලා ගන්නා ලද ප්‍රමාණයන්

අනු අංකය ග්‍රාම නිලධාරී වසමේ නම 2014 යල මහ කන්නය (අක්කර)
යල කන්නය මහ කන්නය
01 වගවත්ත - 157.3
02 පෝරුවදණ්ඩ නැගෙනහිර 20 47.1
03 කැකුලලිය 3.2 89.9
04 පෝරුවදණ්ඩ බටහිර 3.16 43.1
05 ඌරුගල නැගෙනහිර 02 4.5
06 නම්බපාන - -
07 ඌරුගල බටහිර 04 5.25
08 ඉංගිරිය නැගෙනහිර - -
09 ඉංගිරිය බටහිර 45.3
10 රයිගම්වත්ත 1.0 10.3
11 ඉංගිරිය උතුර 5.6 17.3
12 නිමලගම 29.8 48.4
13 ඇදුරාගල 50.7 97.2
14 දොඹගස්කන්ද - -
15 මහ ඉංගිරිය 2.2 2.0
16 මාපුටුගල 13.7 108.7
17 රත්මල්ගොඩ නැගෙනහිර 22.7 40.3
18 රත්මල්ගොඩ බටහිර 17.41 56.8
19 පැල්පිටිගොඩ 22.8 75.1
20 හඳපාන්ගොඩ දකුණ 23.7 42.1
21 හඳපාන්ගොඩ නැගෙනහිර - 44.9
22 හඳපාන්ගොඩ බටහිර 1.5 36.6
23 බටුගම්පල 35.1 64.3
24 කැකුළදොල - 35.3
25 අරකාවිල 20.7 68.9
26 මෙනේරිගම - 163.5
27 කඳනපිටිය 1.5 29.1
28 කොට්ටියාවත්ත - 2.0
29 කුරණ දකුණ - 4.3
30 කොටිගල - 6.3
31 කුරණ උතුර - 18.3
මූලාශ්‍රය :- ගොවි ජන සේවා මධ්‍යස්ථානය - 2014

අස්වැන්න නෙලාගත් ප්‍රමාණය යල / මහ

ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහ කන්නයේ අස්වැන්න නෙලා ගත් ප්‍රමාණය හෙක්ටයාර් 1996.24 කි. යල කන්නයේ හෙක්ටයාර් 1719.96 කි. සමස්ත එකතුව හෙක්ටයාර් 3716.20 කි.

සාමාන්‍ය අස්වැන්න යල / මහ

ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මෙ.ටොන් 3.1කි.

වාරි කර්මාන්ත යටතේ වගා කරන ප්‍රමාණය

මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ මහ වාරිමාර්ග යෝජනා ක්‍රම කිසිවක් නැත. සුළු වාරිමාර්ග භාවිතා කරමින් 2014 යල හා මහ කන්න වගා කර ඇත.

සුළු වාරිමාර්ග යටතේ වී වගාව - 2014

අනු අංකය ග්‍රාම නිලධාරී වසමේ නම වසමේ අංකය සුළු වාරිමාර්ග යටතේ වී වගාව (අක්කර)
මහ කන්නය යල කන්නය
01 වගවත්ත 618 - -
02 පෝරුවදණ්ඩ නැගෙනහිර 618 ඒ 7.5 05
03 කැකුලලිය 618 බී 63.8 2.7
04 පෝරුවදණ්ඩ බටහිර 618 සී 0.3 3.16
05 ඌරුගල නැගෙනහිර 619 - -
06 නම්බපාන 619 ඒ - -
07 ඌරුගල බටහිර 619 බී - -
08 ඉංගිරිය නැගෙනහිර 620 - -
09 ඉංගිරිය බටහිර 620 ඒ 15.8 7.8
10 රයිගම්වත්ත 620 බී - -
11 ඉංගිරිය උතුර 620 සී >- -
12 නිමලගම 620 ඩී 24.3 11.8
13 ඇදුරාගල 620 ඊ 50.6 22.7
14 දොඹගස්කන්ද 620 එෆ් - -
15 මහ ඉංගිරිය 621 ජී - -
16 මාපුටුගල 621 37.6 4.0
17 රත්මල්ගොඩ නැගෙනහිර 621 ඒ 2.5 -
18 රත්මල්ගොඩ බටහිර 621 ඒ - -
19 පැල්පිටිගොඩ 622 30.8 33
20 හඳපාන්ගොඩ දකුණ 623 37.3 23.7
21 හඳපාන්ගොඩ නැගෙනහිර 623 ඒ 43.6 17
22 හඳපාන්ගොඩ බටහිර 623 බී - -
23 බටුගම්පල 624 - -
24 කැකුළදොල 624 ඒ - -
25 අරකාවිල 625 8.8 -
26 මෙනේරිගම 625 ඒ - -
27 කඳනපිටිය 626 - -
28 කොට්ටියාවත්ත 626 ඒ - -
29 කුරණ දකුණ 627 - -
30 කොටිගල 627 ඒ - -
31 කුරණ උතුර 627 බී 18.8 14.3
මූලාශ්‍රය :- ගොවි ජන සේවා මධ්‍යස්ථානය - 2014

අනෙකුත් ප්‍රධාන බෝග

ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කෘෂි කර්මාන්තයට හිතකර දේශගුණ තත්ත්වයක් පවතින නිසාම ප්‍රධාන බෝග වන රබර්,තේ හා පොල් වගා කරනු ලැබේ. පහත වගු සටහන මගින් එය පැහැදිලි කළ හැකිය.

අනු අංකය ග්‍රාම නිලධාරී වසමේ නම රබර් වගාව (අක්.) තේ වගාව(අක්.) පොල් වගාව(අක්.)
01 වගවත්ත 152.5 46.9 23.23
02 පෝරුවදණ්ඩ නැගෙනහිර 38.36 27.2 18.30
03 කැකුලලිය 85 80 65
04 පෝරුවදණ්ඩ බටහිර 95.34 47 27.31
05 ඌරුගල නැගෙනහිර 75.8 89.28 3.0
06 නම්බපාන 134.14 66.19 -
07 ඌරුගල බටහිර 45.33 123.39 0.2
08 ඉංගිරිය නැගෙනහිර 49.20 43.19 11
09 ඉංගිරිය බටහිර 29.10 32.22 -
10 රයිගම්වත්ත - - -
11 ඉංගිරිය උතුර 61.33 69.28 17.35
12 නිමලගම 43.20 46.5 6.10
13 ඇදුරාගල 21.20 36.11 6.61
14 දොඹගස්කන්ද 29.28 51.15 24.15
15 මහ ඉංගිරිය 28.20 71.16 8.0
16 මාපුටුගල 89.55 82.70 13.31
17 රත්මල්ගොඩ නැගෙනහිර 63.46 28.65 5.30
18 රත්මල්ගොඩ බටහිර 52.30 31.55 10.48
19 පැල්පිටිගොඩ 31.114 28.80 10
20 හඳපාන්ගොඩ දකුණ 66.76 112.53 23.60
21 හඳපාන්ගොඩ නැගෙනහිර 30.5 59.91 12
22 හඳපාන්ගොඩ බටහිර 32.55 65.54 7.0
23 බටුගම්පල 72.60 61.125 0.35
24 කැකුළදොල 63.54 36.27 -
25 අරකාවිල 118.35 93 5.38
26 මෙනේරිගම 59.21 58.39 19.10
27 කඳනපිටිය 93.27 65.12 13.69
28 කොට්ටියාවත්ත 86 136.07 -
29 කුරණ දකුණ 44.18 46.10 18.30
30 කොටිගල 50 30 20
31 කුරණ උතුර 66.41 66.75 2.25
එකතුව 4514 2085.5 1421.2
මූලාශ්‍රය :- ගොවිජන සේවා මධ්‍යස්ථානය ඉංගිරිය 2014

ඉහත වගුව අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රබර් වතු අක්කර 4514ක් ද තේ වතු අක්කර 2085.5 ක් ද පොල් වතු අක්කර 1421.2 ක් ද ඇත.

පොල් වගාව

ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පොල් ප්‍රධාන වගාවක් වශයෙන් ව්‍යාප්තව ඇත. මෙම කොට්ඨාශයේ දළ වශයෙන් පොල් අක්කරක් 1421.2 පමණ වගා කරනු ලැබේ.

ගෙවතු වගාව

ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ගෙවතු වගාවන් වශයෙන් හෙක්ටයාර් 2259 ක් පමණ ඇත. එය මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉඩම් වලින් 36.49% කි. එයින් පළතුරු වගාවන් සම්බන්ධ තොරතුරු පහත වගු මගින් ඉදිරිපත් කර ඇත.

පළතුරු වගාව

වගා වර්ගය 2011 2012
පවතින බිම් ප්‍රමාණය හෙක්ටයාර නව වගාව බිම් ප්‍රමාණය නිෂ්පාදනය (වාර්ෂික) (මෙ.ටොන්.) පවතින බිම් ප්‍රමාණය හෙක්ටයාර නව වගාව බිම් ප්‍රමාණය නිෂ්පාදනය (වාර්ෂික) (මෙ.ටොන්.)
අන්නාසි 5.6 0.8 112 4.33 0.5 112
කෙසෙල් 75 06 492 6.45 2.02 492
වැල් දොඩම් 7.5 1.2 64 1.61 1.01 64
මැංගුස් 04 00 12 0.80 - 12
දූරියන් 03 00 00 0.05 - 00
රඹුටන් 16 0.5 90 6.88 1.21 90
මූලාශ්‍රය :- ගොවිජන සේවා මධ්‍යස්ථානය ඉංගිරිය

එළවළු වගාවන්

ඉංගිරිය ප්‍රාදේශීය‍ ලේකම් කොට්ඨාසය තුළ 2011/2012 යල මහ කන්නය හා තුළ වගා කෙරන ලද එළවළු වගාව පිළිබද විස්තර පහත වගු සටහන මගින් පෙන්වා ඇත.

වගාව යල කන්න (හෙක්.) මහ කන්න (හෙක්.) යල කන්න (හෙක්.) මහ කන්න (හෙක්.)
බිම් ප්‍රමාණය (හෙක්.) නිෂ්පාදනය බිම් ප්‍රමාණය (හෙක්.) නිෂ්පාදනය බිම් ප්‍රමාණය (හෙක්.) නිෂ්පාදනය බිම් ප්‍රමාණය (හෙක්.) නිෂ්පාදනය
වම්බටු <4 28 6 42 6.31 28 9.21 42
මාළුමිරිස් 1 6 1 6 1.5 8.4 1.5 6
රාබු 1 10 0.8 8 1.5 10 - 8
මෑ වර්ග 1.3 7.8 1.6 9.7 5.21 6 10.21 9.7
බුෂිටා 1 5 - 5
කරවිල 3 21 3.2 22 2.21 21 7.32 22
වැටකොලු 4.2 42 4 40 7.21 30 9.21 40
පතෝල 4.5 54 5 60 6.27 72 10.27 60
බණ්ඩක්කා 4 32 4 32 5.05 32 11.32 32
පිපිඤ්ඤා 0.8 7.2 3 24 0.05 9 - 24
මූලාශ්‍රය :- ගොවිජන සේවා මධ්‍යස්ථානය - ඉංගිරිය

ඒ අනුව මහ කන්නයේදී හෙක්ටයාර් 27.3 ක් එළවළු වගාවද යල කන්නයේදී හෙක්ටයාර් 24.5 ක් එළවඵ වගාවද පැවතී ඇත.

බහු වාර්ෂික බෝග

කෝපි ගම්මිරිස් කුරුදු රඹුටන් වගාවන් බහු වාර්ෂික බෝග වශයෙන් වගා කරනු ලැබේ. මහ කන්නයේ වගා කළ ප්‍රමාණය හා ලබා දුන් සහනාධාර පහත වගු සටහන මගින් පෙන්නුම් කළ හැකිය.

වගාව වගා කළ බිම් ප්‍රමාණය (අක්කර) ලබාදුන් සහනාධාර ප්‍රමාණය (රුපියල්)
ගම්මිරිස් 1.5 16320
කුරුඳු 2 30000
ඉගුරු හෙක්ටයාර් 15 1,125,000.00
TOP