ඉංගිරිය නගරය A8 රත්නපුර - පානදුර මාර්ගය ඔස්සේ පිහිටා ඇත. මෙම මාර්ගයට පාදුක්ක - ඉංගිරිය මාර්ගය, ඉංගිරිය මංසංධියේදී එකතුවේ. තවද බුලත්සිංහල - හොරණ මාර්ගයේ පිහිටා ඇති ඈගල්ඔය නගරයේ සිට ඉංගිරිය දක්වා දිවෙන අප්රසිද්ධ මාර්ගයක්ද ඇත. ඉංගිරියට ලඟාවීමට ක්රම 3කි. ඒවානම්, රත්නපුර - පානදුර මාර්ගය, හංවැල්ලෙන් සහ පාදුක්කෙන් ආරම්භවන ඉංගිරිය මාර්ගය සහ ඈගල්ඔයෙන් ආරම්භවන ඉංගිරිය මාර්ගයි.
ඉංගිරිය නගරයේ බස් නැවතුම්පොලවල් දෙකක් ඇත. රත්නපුර - පානදුර මර්ගය ඔස්සේ ගමන්ගන්නා සියලුම බස් රථ එම මාර්ගයේ පිහිටා ඇති නව බස් නැවතුම්පොලේ ගාල් කරයි. අනෙකුත් සියලුම බස් රථ පාදුක්ක මාර්ගයේ පිහිටා ඇති පැරණි බස් නැවතුම්පොලේ ගාල් කරනු ලබයි.
මාර්ග අංකය | ගමනාන්තය |
---|---|
449 | හොරණ - ඉංගිරිය |
285 | බුලත්සිංහල - ඉංගිරිය (ඈගල්ඔය හරහා) |
125 | මහරගම - ඉංගිරිය |
125 | පිටකොටුව - ඉංගිරිය (ගොඩගම හරහා) |
686 | කීනගහවිල - ඉංගිරිය (නාච්චිමලේ ප්රදේශය) |
885 | දුම්බර - ඉංගිරිය |
491 | රත්නපුර - ඉංගිරිය |
885 | ගවරගිරිය - ඉංගිරිය |
1/288 | එපිටවත්ත - ඉංගිරිය (හල්වතුර හරහා) |
2/282 | පාදුක්ක - ඉංගිරිය (යටවතුර, පනංගල, මාපුටුගල හරහා) |
- | මාතලේ - ඉංගිරිය |
මාර්ග අංකය | ගමනාන්තය |
---|---|
450 | රත්නපුර - පානදුර |
449 | කරඳන - හොරණ |
064 | පානදුර - මහියංගනය |
064 | පානදුර - බදුල්ල |
64/98 | පානදුර - අම්පාර |
064 | අළුත්ගම - බලංගොඩ |
457 | ඇඹිලිපිටිය - සූරියවැව |
120 | කලවාන - කොළඹ |
473 | කලවාන - හොරණ |
190 | බුලත්සිංහල - පිටකොටුව (බත්තරමුල්ල හරහා) |