ඉංගිරිය ප්‍රදේශයට අයත් මුළු ඉඩම් ප්‍රමාණය හෙක්. 9204කි. එය දිස්ත්‍රික්කයේ මුළු බිම් ප්‍රමාණයෙන් 5.75%කි. ඉංගිරිය ප්‍රදේශය මද බෑවුම් සහිතය එය පහත වගු සටහන මගින් හදුනා ගත හැකිය.
බෑවුම් කලාපය | බිම් ප්‍රමාණය (හෙක්.) | ප්‍රතිශතය% |
---|---|---|
0-8% | 6076 | 66.07 % |
8-16% | 1560 | 16.95 % |
16-30% | 1095 | 11.90 % |
30-60% | 363 | 3.94 % |
60% | 110 | 1.20 % |
ඉංගිරිය ප්‍රදේශයේ ඉඩම් පරිහරණයේ කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ මුළු ඉඩම් වලින් 90% පමණ ගෙවතු වගා බිම් ව්‍යාප්තව පැවතීමය. එයට හේතුව වන්නේ මෙම ප්‍රදේශයට වර්ෂය පුරාම පවතින වගාවන්ට හිතකර දේශගුණික තත්ත්වයයි.
භූමි පරිභෝජනය | වර්ග ප්‍රමාණය (ව.කි.) | ප්‍රතිශතය% |
---|---|---|
ගෙවතු වගාව | 2293 | 25% |
තේ වගාව | 582.81 | 6% |
රබර් වගාව | 3067.49 | 33% |
පොල් වගාව | 348.97 | 4 % |
කුඹුරු | 1132.32 | 12% |
වෙනත් වගාවන් | 278.78 | 3% |
වන වගාව | 801.64 | 9% |
ලඳු කැලෑ | 157.38 | 2% |
ජල තල | 123.88 | 1% |
වෙනත් බිම් | 416.84 | 5% |
එකතුව | 9203.11 | 100% |
වගා බිම් වලින් ප්‍රධාන වගාවන් වන තේ, රබර්, පොල් හා වී වලට ප්‍රධාන තැනක් හිමි වේ. එම වගාවන් ව්‍යාප්තව තිබෙන ආකාරය පහත වගු සටහන මගින් හදුනා ගත හැකිය.
බෝග වර්ගය | ප්‍රමාණය (අක්කර) | ප්‍රතිශතය% |
---|---|---|
තේ | 1569 | 19.29% |
රබර් | 5039 | 61.98% |
පොල් | 1500 | 18.45% |
වී | 22 | 0.28% |
එකතුව | 8130 | 100 % |
ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවතින ඉඩම් වලින් 7.3%පමණ ස්වාභාවික වෘක්ෂලතා හා වන වගා වලින් සමන්විත වේ. එය පහත වගු සටහන මගින් හදුනා ගත හැකිය.
වර්ගය | බිම් ප්‍රමාණය (හෙක්.) | ප්‍රතිශතය% |
---|---|---|
ඝන වනාන්තර | 68 | 10.07% |
විවෘත වනාන්තර | 260 | 38.52% |
ලදු කැලෑ | 106 | 15.70% |
තෘණ භූමි | 11 | 1.63% |
වන වගා | 230 | 34.8 % |
එකතුව | 675 | 100.00% |
මෙම ප්‍රදේශයේ ඉඩම් පරිහරණ රටාව අධ්‍යනය කිරීමේදී කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ සූක්ෂම පරිහරණයකින් යුක්ත ඉඩම්, මුළු ඉඩම් වලින් 17%ක් පමණ වේ.
- සූක්ෂම ඉඩම් පරිහරණයට අයත් ඉඩම් බිම්, ඝන වනාන්තර සහ වන වගා :- ගොඩ නගන ලද බිම්, කෘෂි කාර්මික
- ඌණ පරිහරණ අයත් වන වගා වනාන්තර වගුරු බිම් :- මුඩු ඉඩම්, තෘණ බිම්, ලදු කැලෑ විවෘත
ඉංගිරිය ප්‍රදේශයේ පවතින ඉඩම් ප්‍රමාණය හෙක්. 9204කි. මුළු පවුල් සංඛ්‍යාව 14143කි. ඒ අනුව එක පවුලකට අයත් ඉඩම් ප්‍රමාණයේ සාමාන්‍යය හෙක්. 0.72කි. එක් පුද්ගලයෙකුට අයත් බිම් ප්‍රමාණය හෙක්. 0.1904කි.
ප්‍රදේශයේ ගෙවතු සදහා භාවිතා කර තිබෙන මුළු ඉඩම් ප්‍රමාණය හෙක්. 3359කි. ඒ අනුව ගෙවතු වල සාමාන්‍ය විශාලත්වය හෙක්. 0.29කි.
ඉංගිරිය ප්‍රදේශයේ දකුණු මායිමෙන් ගලා බසින කළු ගංගාව පිටාර ගැලීම හේතුවෙන් නම්බපාන, ඌරුගල නැගෙනහිර, ඌරුගල බටහිර, ඉංගිරිය බටහිර, වගවත්ත, කැකුළලිය, පෝරුවදණ්ඩ බටහිර, දොඹගස්කන්ද යන වසම් ගං වතුර උපද්‍රව වලට භාජනය වේ.
අනු අංකය | අයිතිය | අක්කර |
---|---|---|
01 | පුද්ගලික ඉඩම් ප්‍රමාණය | 7330 |
02 | ඉඩම් සංවර්ධන ආඥාපනත යටතේ බෙදා දී ඇති ඉඩම් | 2845 |
03 | ජනපද සඳහා බෙදා දී ඇති ඉඩම් | 466 |
04 | රජය් ඉඩම් ආඥාපනත යටතේ බෙදා දී ඇති ඉඩම් | 1267 |
05 | ඉඩම් විශේෂ පනත යටතේ බෙදා දී ඇති ඉඩම් | 166 |
06 | ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම සතු ඉඩම් | 665 |
07 | රක්ෂිත | 3064 |
එකතුව | 15803 |
අනු අංකය | බලපත්‍ර වර්ගය | සංඛ්‍යාව |
---|---|---|
01 | E.S.බලපත්‍ර | - |
02 | L.L.බලපත්‍ර | 106 |
03 | ස්වර්ණ භූමි | - |
04 | ජය භූමි | - |
05 | ඉසුරු භූමි | - |
06 | රන් බිම | 37 |
07 | ආර් බලපත්‍ර | - |
08 | නියාදන සාධන | - |