අතීත සිංහලේ දේශය පරිපාලන අතින් පලාත් හතරකට බෙදී පැවතිනි. ඒ රුහුණු, මායා, පිහිටි, මළය ලෙසිනි. මායා රටට අයත් කෝරළ අතර රයිගම් කෝරළය ප්‍රමුඛ තැනක් ගනී. අප රයිගම් කෝරළයට පත්තු 6කි.
1. රයිගම් උඩුගහ පත්තුව
2. රයිගම් කුඹුක පත්තුව
3. රයිගම් අධිකාරී පත්තුව
4. රයිගම් තල්පිටිබද්ද පත්තුව
5. පානදුර තොරමුණ පත්තුව
6. මුන්වත්තේ බාගේ පත්තුව
මේ අතරින් රයිගම් උඩගහ පත්තුව වනාහී උතුරෙන් හේවාගම් කෝරළයටත්, නැගෙනහිරෙන් සබරගොමුවටත්, දකුණෙන් කාල නදිය හා පස්ටදුන්ත් කොරළයටත්, බස්නාහිරෙන් රයිගම් කුඹුකේ පත්තුවටත් මායිම්ව පවතිනවා.
වර්තමාන බෙදීම් අනුව රයිගම් උඩුගහ පත්තුව වනාහී ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට බෙහෙයින්ම සමානවේ.
රයිගම කොරළයක් ලෙසින් ඒ නමින් සංවිධාන ගත වෙන්නේ පොළොන්නරු යුගයේදීය. ඒ හිරණ්‍ය මළය හා පාන බුන්න දනව්වේ කොටසක් එක් වීමෙනි. හිරණ්‍යමළයේ සීමාවන්ට පානදුර තොටමුණ පත්තුව හා තල්පිටිබද්ද පත්තුව හැර සෙස පත්තු අයත්ව තිබිණ. එම පත්තු දෙක යත්ව පැවතියේ පාණ බුන්න දනව්වටය. ජනප්‍රවාද අනුව හිරණ්‍යමළයට එනම් හෝරණ යන පරිනාමීය නාමයේ පූර්ව තෛිහාසික ග්‍රාම නාමය එයට පටබැදීමට හේතුව රාවණ රජුට පෙර සිටි බලවත් රජෙක් ලෙස සැළකෙන හිරණ්‍ය කස්සපයන්ගේ උපන් ප්‍රදේශය වීමයි.
සටහන – ජානක තරංග