1934 වර්ෂයේ දෙසැම්බර් 14 වන දින උපත ලද වීරසිංහ ආරච්චිගේ පියසේන මහතා ඉංගිරිය, දිවුල්පත පදිංචිව සිටි ප්‍රවීන කලා ශිල්පියෙකි.
සිය උපන් හැකියාවන් උපයෝගී කරගෙන මූර්ති ශිප්පයෙන් විවිධ දස්කම් දැක්වූ මෙතුමා ඉංගිරිය ප්‍රදේශයේ පමණක් නොව හොරණ, බණ්ඩාරගම, පානදුර, රත්නපුර ආදී ප්‍රදේශවල පවා වෙසක් සැරසිලි, වේදිකා නිර්මාණ, තොරණ් රැසක් හෙතෙම සිතුවම් කලාවෙන් ඔප් නංවා ඇත.
මුද්‍රණ ශිල්පය හදාරා කලක් මුද්‍රණ ශිල්පියෙකු ලෙස කටයුතු කල ඒ මහතා චිත්‍ර ශිල්පය, අර්ධ මූර්ති කැටයම් ශිල්පය පමණක් නොව පුවත්පත් උදෙසා ආදර්ශ කතා ලියූ ලේඛකයෙකි.
ඔහු 1958දී ලියා පළ කළ "මාරක කුමන්ත්‍රණය" නවකතාව එදා පුස්තකාල සඳහා නිර්දේශ වූ කෘතියකි. එසේම ඔහුගේ දක්ෂ කවීත්වය සඳහා 2011 වසරේ එළි දක්වන ලද "දිඝිති කෝසල ජාතකය" කාව්‍ය මැනවින් උදාහරණ සපයයි.