කොළඹ යුගයේ දීප්තිමත් ප්‍රතිභාවකින් හෙබි කවියෙකු වූ මෙතුමා ලයනල් බෝධිපාල බටුගෙදර මහතාට සහා ඩී.ඩබ්.අමරසිංහ මහත්මියට දාව මෙලොව එළිය දිටීය. හඳපාන්ගොඩ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලද මෙතුමා රත්නපුර සීවලී විදුහලින් හා කොළඹ ආනන්ද විදුහලින් උසස් අධ්‍යාපනයද ලද අතර පසුව මහා මාර්ග දෙපාර්තමේන්තුවට බැඳී පාලම් අංශයේ විධායක නිලධාරියෙකු ලෙස රාජ්‍ය සේවයට එක්විය.
තම පියාගේ අඩිපාරේ යමින් කාව්‍යකරණයට පිවිසි මොහු පැරණි කාව්‍ය සම්ප්‍රධායන් ආරක්ෂා කරමින් සිය නිර්මාණ කෞෂල්‍යය ඔස්සේ මුල් හා අග එළි සම රකිමින් කාව්‍යකරණයට සමතෙක් විය.
සිංහල බලය, සිංහල බෞද්ධයා, සිළුමිණ, සිංහල ජාතිය, ලංකාදීප ආදී පුවත්පත් හරහා සිය කාව්‍ය රචනා නිතර පළකරමින් අඹ වනය, මී වදය, දේදුන්න, සුවඳ නැමැති කාව්‍ය රචනා මාසිකව එළිදැක්වීමටද මෙතුමා විසින් සිදු කරන්නට යෙදීය.
හිටිවන කවියෙහිද ඉතා ශූර දක්ෂතා දැක්වූ උපනන්ද බටුගෙදර මහතා ඉංගිරිය ප්‍රදේශයට අභිමානයක් ගෙන ආ තවත් ශ්‍රේෂ්ඨ කලාකරුවෙක් බව මෙහිලා සඳහන් කරනු වටී.