×

HOW TO CONTRIBUTE

1 Arrange Your Information
2 Categorize as Article, Photo, News
3 Send it to Us

If you still have problems, please let us know, by sending an email to admin@ingiriyacity.lk. Thank you!

HOURS

Mon-Fri 9:00AM - 6:00PM

FORGOT YOUR DETAILS?

සරච්චන්ද්‍ර ජයකොඩි

බහු පඨිත පාණ්ඩිත්‍යයකින් හෙබි සරත්චන්ද්‍ර ජයකොඩි නම් වූ ඔහු 1944 දුරුතු මස හතර වනදා හඳපාන්ගොඩ ආරකාවිලදී උපත ලැබුවේ දොන් ඬේවිඞ් මහතාට සහ මැගිලින් ගුණසේකර හපුආරච්චි මැතිනියට දාවය. කුඩා කළ සිටම ලේඛකයකු වීම සිය පරම අභිප‍්‍රාය කරගත් සරත්චන්ද්‍ර ජයකොඩි මැතිතුමා සය ප‍්‍රාථමික අධ්‍යාපනය හඳපාන්ගොඩ රජයේ විද්‍යාලයෙනුත්, සිය ද්වීතීක අධ්‍යාපනය හොරණ, තක්‍ෂිලා මධ්‍ය මහා විද්‍යාලයෙනුත් හදාලේය. ගුරුදෙගුරුන්ගේ සිත් දිනා ගනිමින් තම ද්වීතීක අධ්‍යාපනය හමාරකල ඔහු, හොරණ කුඩා උඩුව නාලන්ද මහ පිරිවෙන සිය තෘතීක අධ්‍යාපනයෙහි සරසවි පිවිසුම් පෙළ උගතැන්ම සඳහා තෝරා ගත්තේය. පසුව 1964 දී විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් සිය ශාස්ත‍්‍රීය අධ්‍යාපනය හමාර කොට එම විශ්වවිද්‍යාලයේම සහකාර කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කලේය. ඉන්පසු ශ‍්‍රී ලංකා තුනීලෑලි සංස්ථාවේ පිරිස් කළමනාකරු ලෙස මහජන සේවයට එක්ව, පසුව සංස්කෘතික අමාත්‍යාංශයට සම්බන්ධ වී සිංහල විශ්ව කෝෂයේද ප‍්‍රධාන කර්තෘ ධූරය ඉසුලූ ජයකොඩි මහතා ආචාර්ය උපාධිධාරියෙකු බව ඔහු මිය යන තුරුම බොහෝදෙනෙකු දැන සිටියේ නැත. මන්ද තමාව "ආචාර්ය ජයකොඩි" නමින් හඳුන්වනවාට වඩා සාමාන්‍ය මනුෂ්‍යයකු ලෙස දැකීමට ඔහු තුල වූ කැමැත්ත නිසාය.

සිංහල, ඉංග‍්‍රීසි, පාලි හා සංස්කෘත යන සිව් භාෂා නිපුනත්වයක් හෙබවූ ජයකොඩි මහතා වියත් ලේඛනයෙහිලාත්, කාව්‍යකරණයෙහිලාත්, පරිවර්තන ග‍්‍රන්ථ කරණයෙහිලාත්, නිපුණත්වයකින් යුක්ත විය. වඩා වැදගත් වන්නේ එම සියලූ දස්කම් අභිබවා ඔහු තුල ජීවත් වූ නිහතමානී හා කළගුණ දත් මනුෂ්‍යත්වයයි. උපන්දා සිට මියෙන තුරාවට ගමත් - ගැමිකමත් අගයමින් ගමේ ඇළදොල, වෙළ-ලන්ද ඇසුරේ ගැමියෙකු ලෙද ජීවත්වීමේ පරම සුවය තමා ජනිත බිම වූ හඳපාන්ගොඩ ග‍්‍රාමය අලලා "තවද එක් සමයෙක" නමින් ග‍්‍රන්තයක් පල කිරීම තුලින් මනාව හෙලිවේ.

පුවත් ලේඛනකරණය පරම ආශාව කොට ගත් සරත්චන්ද්‍ර ජයකොඩි මහතා 65 වසරක් ආයු වළදා මියයන මොහොතේදීද සියත පුවත්පතේ ඔහුගේ නාමය සජීවී විය. එක් පුවත්පතකට පමණක් තම ලේඛනකරණය සීමා නොකළ ඔහු සිළුමිණ, ලංකාදීප, දවස, රිවිර යන පුවත්පත් විශේෂාංග කතුවරයෙකු වුවද වෘත්තීය පත්තරකරුවෙකු නොවූයේ එහි වූ වෙහෙසකාරී බව නිසාමය. ඖචතපූර්වක බස්වහරක් භාවිතා කළ ඔහු රසවත් හා හරවත් ලිපි රැසක් පළ කරීමට දායක වූ විද්වතෙකි. සාහිත්‍ය පමණක් නොව දේශපාලනික, ආර්ථික, සමාජයීය වශයෙන් වැදගත් කාලීන මෙන්ම සර්වකාලීන මාතෘකා මුල්කොටගෙන ලේඛනයෙහි යෙදුන බව මෙහිදී සඳහන් කිරීම ඉතා වැදගත්ය.

පේ‍්‍රමය, විරහව, ස්වභාවධර්මය, පුරාවිද්‍යාව, මනෝවිද්‍යාව, ඉතිහාසය, දර්ශණය, බුද්ධ ධර්මය, චරිතාපදාන වැනි වූ විෂය පඨයන් රාශියකින් කෙරුන නිර්මාණ අතර "බිංදු බිංදු මල්, පිනි කැටය, පුන්කලස, හතහොඳ හාවා, කරළිය රඟදුන් නිදහස් සටන, දයනී, සීවලී මහ රහතන් වහන්සේ, ලූම්බිණියේ සිට කුෂිණාරාවට, ගමේ ඇත්තෝ, ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ, පුලතිසි ගීතය, වයර්ලස් හාමුදුරුවෝ, සිරි දළඳා පුවත, වනතුරු පත්මත ලියූ කවි, සංසාර සිහින, කන්ද කොන්ද කළ මිනිස්සු, අණවින කොඩිවින, ගැටවර, ආදරය, ගම්මැද්දෙන් වන බැද්දට, ආත්මයෙන් ආත්මයට, රයිගම්පුරයේ යශෝගීතය, කුණ්ඩලනී යෝග අභ්‍යාස, යෝගාසන හා විශ්ව ශක්තිය, සන්දර සිංහලී, මගේ දුව එළිසබත්, ත‍්‍රිපිටක යාත‍්‍රා, ලක්දිව සැඟවුන වන කතා සහ මගේ කතාව, මාකෝ පෝලෝ, භාරත යෝග, කුණ්ඩලනී, රුදුරු වනයේ ජීවිතය, වනසතුන් සමඟ සත් වසක්. තවද එක් සමයෙහි ලංකාවේ නටබුන් නගර, ලක්දිව වනසන දඩ කෙළි,මාගේ දේශය හා මාගේ ජනතාව, සිඳු රළ" වැනි කෘතීන් ඒ අතර වේ.

ජයකොඩි මැතිතුමන් තුළ වූ විවිධ හැකියාවන් අතර හිටිවන කවි කීමේ හා කවි සංවාදයෙහි යෙදීම ප‍්‍රධානය. ලයාන්විතව හඬ හැසිරවීමටත්, සභාවක් කුල්මත් කරවමින් තමාවෙත ඇදබැඳ තබා ගැනීමට වූ නිසඟ හැකියාවක් නිසා දිවයිනෙහි නොයෙක් පළාත්වලින් දේශන පැවැත්වීමට ඔහු ආරාධනා ලැබුවේය, හෙළදිව කවි සම්මේලනයෙහි සභාපතිවරයා වශයෙන්ද කටයුතු කරමින් හෙළ කවි කලාවට එතුමෝ කරන ලද මෙහෙය ද මෙහිලා සඳහන් කිරීම වටී.

1975 වසර සරච්චන්ද්‍ර තරුණයාට තම දිවිය ප‍්‍රභාලෝකමත් වසරක් විය. එය එක් අතකින් තම දිවියේ ප‍්‍රමුකතම සංදිස්ථානයද විය. එහි අග‍්‍රඵලය විදිමින් 1976 දී සරච්චන්ද්‍ර යුවලගේ කැදැල්ලට එක්වූයේ චින්තා ජයකොඩි නම් වූ දියණියයි. පෙර සඳහන් පරිදි 1975 දී ඔහුගේ හද සොරාගත් අම්භිකාව වූයේ පාඨශාලාචාරිනී චන්ද්‍රා පද්මිණී මාන්නප්පෙරුම නම් කිවිඳියයි. ඈ පිළිබඳ අවසන සනිටුහන් තබන්නේ අප ඈ අමතක කළ නිසා හෝ අප හට ඈ අමතක වූ නිසා නොව, සරච්චන්ද්‍ර ජයකොඩි නම් වූ මිනිසාගේ සියලූ සාර්ථකත්වය මේ සා විශාලයැයි සනිටුහන් තබමින් අද එහි පරම හවුල්කාරිය වූ බව පැවසීම පරම අභිප‍්‍රාය වූ බැවිනි.

සරච්චන්ද්‍ර ජයකොඩි මැතිතුමා විසින් සියලූ ක්‍ෂේත‍්‍රයන් අලළා සිදුකරනු ලැබූ අමිල මෙහෙවර වෙනුවෙන් 2007 ඉංගිරිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් "රයිගම් කෝරළාභිමානී සාහිත්‍ය ශිරෝමනී" ගරු සම්මානයෙන් පිදුම් ලැබූ අතර 2008 දී රයිගම් ලේඛක පරපුර හා එක්ව එතුමාට "රයිගම් අභිමන්" සම්මානයෙන්ද පුදනු ලැබූ මෙතුමා 2009 වසරේ අගෝස්තු මසදී මෙලොවින් සමුගත්තේය.

TOP