×

HOW TO CONTRIBUTE

1 Arrange Your Information
2 Categorize as Article, Photo, News
3 Send it to Us

If you still have problems, please let us know, by sending an email to admin@ingiriyacity.lk. Thank you!

HOURS

Mon-Fri 9:00AM - 6:00PM

FORGOT YOUR DETAILS?

මහින්ද සෙනරත් ගමගේ

1966 ඔක්තෝබර් මස 10 වන දින රත්නපුර දිස්ත‍්‍රික්කයේ ගල්ලෑල්ල නම් ග‍්‍රාමයේ උපත ලැබූ මහින්ද සෙනරත් ගමගේ මහතා රත්නපුර ගල්ලෑල්ල විදුහලෙන් හා බටුවත්ත කණිටු විදුහලෙන් මූලික අධ්‍යාපනය ලැබීය. ද්වීතීක අධ්‍යාපනය පොළොන්නරුව රාජකීය විදුහලෙන් හා හොරණ තක්‍ෂිලා මැදි මහ විදුහලෙන් ලැබූ මහින්ද සෙනරත් ගමගේ මහතා සිය උසස් අධ්‍යාපන කටයුතු සඳහා 1986 වසරේ පේරාදෙණිය සරසවියට ඇතුළත් විය.

”කටු කම්බි දරණුවේ වියරු සර්පයා විෂදුම් පිඹීයි
වැලිගෝනියට එහා නුඹ ඌට රවා ඔරවා හිඳියි
මේ පාළු කාන්සිය විහිළුවක් නොව හැබෑ බියකරුයි
අසාපන් බයිනෙත්තු තුඩ කුමක්දෝ කොඳුරා කියයි
අර අතන මහපාර අද්දරින්
හමා එන්නේ පුළුටු දුම් කඳයි
ඒ නුඹ ම ගිනි තැබූ
තරුණ වීරයාගේ පණ නලයි......”

1989 දී මහින්ද සෙනරත් ගමගේ මහතා විසින් රචනා කළ මෙම පද්‍යය ලංකාවේ ප‍්‍රථම ජනතා සාහිත්‍ය උළෙලේ ගීත රචනා තරඟයෙන් ජයග‍්‍රහණය ලැබූ අතර පසුව ප‍්‍රදීපා ධර්මදාස ගායිකාව විසින් ගායනා කරන ලදී.

මහින්ද සෙනරත් ගමගේ මහතා විසින් පරිවර්තනය කළ ”දොන් නදිය නිසලව ගලා බසීි” කෘතියේ පළමු වෙනි වෙළුම වෙනුවෙන් 2001 වසරේ හොඳම පරිවර්තන සාහිත්‍ය කෘතියට හිමි යෞවන සම්මානය දිනා ගැනීමට සමත් විය.

2005 වසරේ සිට මෙතුමා විසින් පරිවර්තනය කරනු ලැබූ ළමා සහ යොවුන් සාහිත්‍ය කෘති ගණනාවකි. ඒ අතර ”පුරු පුරු දඟ කරන්නේ නෑ”,”කොට්ටෝරු පුංචා”,”හැංගිමුත්ත හැංගියෝ”,”පුංචි පුතුට වැඩ කන්දයි”,”කොක්කු සරති අහස් තලේ”,”කෝල්යාගේ දින පොත” ආදී කෘති විය. මෙතුමා 2006 වසරේදී ”භූගත සහෝදර සංදේශය” නමින් ස්වතන්ත‍්‍ර කාව්‍ය නිර්මාණයක්ද එළිදැක්වීය.

මෙතුමාගේ නවතම පරිවර්තන කෘති ලෙස,”ගිනි මැලයේ සිට න්‍යෂ්ටික පැය දක්වා”,”සතුන්ගේ දිගනේ”,”මහ පොළොවේ රහස් සොයන්නේ” ආදිය දැක්විය හැකිය.

ලේඛන කලාවට මෙතුමන් කරන්නා වූ සේවය වෙනුවෙන් ඉංගිරිය ප‍්‍රාදේශීය සාහිත්‍ය උළෙලේදී ”රයිගම් කොරළාභිමානී සාහිත්‍ය ශූරී” ගරු සම්මානය පුදනු ලැබීය.

TOP