1954 මැයි 01 වනදා ඌරුගල පේද්‍රික් සෝමවීර හඳුවල සහ උඩුගමගේ එමලින් මාපියන්ට දාව කණිටු පුතනුවන් ලෙස කරුණාතිලක හඳුවලයන් ඉංගිරියේ උපත ලැබීය. ඌරුගල ශ්‍රී ධර්මාලෝක කණිෂ්ඨ විද්‍යාලයෙන්ද, පසුව හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද හඳුවලයන් ලේඛන කලාවට අත්පොත් තැබුවේ මිහිර පුවත්පතේ "කමලා ළමා සමාජය" තීරයෙනි.
ඔහුගේ නිර්මාණ මිහිර, ටිකිරි ළමා පුවත්පත්, සිළුමිණ, ගීතාංජලී පුවත්පත් වලද කවි, කෙටිකතා, නාට්‍ය නිර්මාණද ඔහු අතින් බිහිවිය.
"සරුකෙත දකිනතුරු" යොවුන් නවකතාව පාසල් වියේදී රචනා කළ මොහු පළාත්, දිස්ත්‍රික් මට්ටමේ නාට්‍ය, කෙටිකතා, ගීත, පද්‍ය තරගවලින් ජයග්‍රහන හා සම්මාන ලැබූ ඔහු රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී පිට පිටම තෙවරක් හොඳම කාව්‍ය ග්‍රන්ථයට හිමි සම්මානය හිමි විය.
"ලන්දේසි දූපත" ගුවන් විදුලි නාට්‍යයේ පිටපත් රචනයෙන් හා "ජිල්ජෝන්" ගේ චරිත නිරූපණයෙන්ද දායක වූ හඳුවලයන් 1979 දී ලේක් හවුස් ආයතනයේ පුවත්පත් කලාවේදියෙකු ලෙස බැඳී පසුව ගුවන් විදුලි නිවේදකයෙකු, නිෂ්පාදකයෙකු, ප්‍රවෘත්ති නිවේදකයෙකු වශයෙන්ද, රූපවාහිනී නිවේදකයෙකු, හඬකැවීම් ශිල්පියෙකු ලෙසද කටයුතු කළේය.
ලේඛනයෙහි, රඟපෑමෙහි අතිශය දක්ෂතා සහිත නිර්මාණශීලී කලාශිල්පී කරුණාතිලක හඳුවලයන් 1980දී ඉන්ද්‍රානි පුෂ්පරානි ජයවර්ධන කිවිඳිය සමග විවාහ දිවියට එළඹ දෙදරු පියෙකුවූ අතර 42 වියේ පසුවද්දී 1996 ජූනි 18 වනදා මෙලාවින් සමුගත්තේය.
