×

HOW TO CONTRIBUTE

1 Arrange Your Information
2 Categorize as Article, Photo, News
3 Send it to Us

If you still have problems, please let us know, by sending an email to admin@ingiriyacity.lk. Thank you!

HOURS

Mon-Fri 9:00AM - 6:00PM

FORGOT YOUR DETAILS?

කේ. පී. සරත් පතිරණ

1955 දෙසැම්බර් මස 18 වන දින මෙලොව එළිය දුටු මෙතුමා ඉංගිරිය ගාමිණී විදුහලෙන් මූලික අධ්‍යාපනය ලබා තිබේ. කලාවට ඉතා ලැදිකමක් දැක්වූ මෙතුමා ජාතික නැටුම් හා සංගීත විභාගය සමත් වී ඇති අතර ඊට අමතරව පහතරට නැටුම්, ගැයුම්, වාදනය සහ ශාන්ති කර්ම, දෙවොල් මඩු යන සියලූම අංශයන්හි දක්‍ෂතා සහිත කලාකරුවෙකි. කලා පරපුරකින් පැවත එන සරත්පතිරණ ශිල්පියා රජයේ නැටුම් ගුරු උපදේශක මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති කරඳන සීගිරි කලා නිකේතනයේදී පහත රට නැටුම් හා බෙර වාදනය පිළිබඳ වසර හයක පුහුණුවක් ලබා එහි උප ගුරුවරයෙකු වශයෙන් වසර හතරක් පමණ සේවය කර තිබේ.

ඉන් පසුව අයගම ප‍්‍රාදේශීය සභා කලායතනයේ වසර පහක පමණ කාලයක් එහි සිසු දරු දැරියන්ට නර්තනය කියා දුන් මෙතුමා ඉංගිරිය දොඹගස්කන්ද ප‍්‍රදේශය මූලික කරගෙන ”සුහද කලා නිකේතනය” 1978 දී පමණ ආරම්භ කර අතිවිශාල නර්තන ශිල්පීන් සංඛ්‍යාවක් බිහි කිරීමට දායක වී තිබේ.

දැනට මෙම ශිල්පියා ශිෂ්‍ය ශිෂ්‍යාවන් 36 දෙනෙකුගෙන් සමන්විත පිරිසකට දැනුම ලබා දී ඇති අතර ක/ඉංගිරිය ගාමිණී මධ්‍ය මහා විද්‍යාලයේ නැටුම් උපදේශිකා ප‍්‍රියංකා ධර්මකාන්ති මෙනවියද, ශ‍්‍රී ලංකා පොලිස් තූර්ය වාදක කණ්ඩායමේ ගුරුගේ උපුල් චන්ද්‍රසේකර මහතාද ඔහුගේ ශිෂ්‍යයන් අතර වේ.

මෙම ශිල්පියාගේ ජයග‍්‍රහණ අතර 1975 අන්තර් කලායතන සංගීත හා නැටුම් තරඟයෙහි පළමු ස්ථානයද 1979 ජාතික තරුණ සේවා සභාව විසින් රත්නපුර දිස්ත‍්‍රික්කයේ තරුණ සතිය නිමිත්තෙන් 1979.11.27 දින පැවති ගැමි නැටුම් තරඟයෙන් ප‍්‍රථම ස්ථානය දිනූ කණ්ඩායම වීමද, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තු මඟින් සංව්ධානය කරනු ලැබූ කළුතර දිස්ත‍්‍රික් තරඟ මාලාවේ ජන නැටුම් සමූහ ගැහැණු ළමා තරඟ වල ප‍්‍රථම ස්ථානයේ කණ්ඩායම වීමද ප‍්‍රධාන වේ.

ශ‍්‍රී ලාංකීය සාහිත්‍ය කලාවේ පහතරට නැටුම් කලාවට කරනු ලැබූවා වූ අනුපමේය මෙහෙවර අගය කරනු වස් ඉංගිරිය ප‍්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ සංස්කෘතික අංශය මඟින් කේ. පී. සරත් පතිරණයන් ”රයිගම් කෝරලාභිමාණී කලාශූරී” ගරු සම්මානයෙන් පුදනු ලැබීය.

TOP lotobet güncel giriş - betper yeni giriş - gorabet giriş