×

HOW TO CONTRIBUTE

1 Arrange Your Information
2 Categorize as Article, Photo, News
3 Send it to Us

If you still have problems, please let us know, by sending an email to admin@ingiriyacity.lk. Thank you!

HOURS

Mon-Fri 9:00AM - 6:00PM

FORGOT YOUR DETAILS?

බෝධිතුංග මඩලකන්ද

1952 වසරේ මාර්තු මස පළමු වන දින ඌරුගල ග‍්‍රාමයේද මෙලොව එළිය දුටු බෝධිතුංග මඩලකන්ද මහතා මූලික අධ්‍යාපන කටයුතු ඌරුගල ශ‍්‍රී ධර්මාලෝක විදුහලෙන් ලැබූ අතර සරසවි පිවිසුම් පෙළ හැදෑරීම පිණිස හඳපාන්ගොඩ සාගර පලන්සූරිය විදුහලට ඇතුලත් විය.

ළමා කාලයේ පටන්ම එවකට පැවති ළමා පුවත්පත් සදහා කාව්‍ය නිර්මාණ ඉදිරිපත් කරමින් කලා ලොවේ නව මංපෙත් විවර කර ගත් මෙතුමා ලේක් හවුස් ආයතනයේ ”මිහිර” පුවත් පතටද, දවස ආයතනයේ ”ටිකිරි” ළමා පුවත් පතටද ලිපි සැපයුවේය. ගුවන් විදුලියේ ළමා මණ්ඩපය සඳහා සිය නිර්මාණ දායකත්වය ලබා දුනි.

1969 සිට 1973 දක්වා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ රාජ්‍ය සාහිත්‍යය උළෙලේදී සම්මාන දිනා ගත් මෙතුමා කලා ලොවේ දිගු ගමනක් ආරම්භ කළේය. එපමණක්ද නොව 2002 වසරේදී පැවැත්වූ රාජ්‍ය සේවා සම්මාන උළෙලේ හොඳම ගීත රචකයාට හිමි සම්මානය දිනා ගැනීමට මෙතුමා සමත්වීම සුවිශේෂත්වයකි. එසේම 2003 වර්ෂයේ ඞී. ආර්. විජේවර්ධන අනුස්මරණ සම්මාන උළේලේදී ගඟ ළඟ වස්තුවට කෘතියට කුසලතා සම්මාන හිමිව තිබේ. 2005 වසරේදී ”ඉමගිර සැලෙයි” නම් කෘතියට ඞී. ආර්. විජේවර්ධන අනුස්මරණ සම්මාන උළෙලේ හොඳම නව කථාවට හිමි දෙවන ස්ථානය ලබා ගැනීමෙන් ලේඛන කලාවේ මෙතුමා දැක්වූ විශිෂ්ටත්වය පිළිඹිබුවේ. රයිගම්කෝරළයේ දිස්ත‍්‍රික් කවි තරඟ වලින් මුල්තැන ලබා ගැනීමටද මෙතුමා සමත් විය.

ළමා කතා ලිවීමේද හැකියාවක තිබූ මෙතුමා ”සුරතල්ලූ” නම් ළමා කාව්‍ය සංග‍්‍රහයක් පළ කළේය. එසේම ”වසන්ති හා වසන්තය”,”බැරි බර”,”මී පැංචාගේ උපාය” යන ළමා කතා ත‍්‍රිත්වයද එළි දක්වා තිබේ. එසේම ළමා කතා පොත් සදහා පිටකවර නිර්මාණය කිරීමටද මෙතුමා සමතෙක් විය. එස්. විජේසූරියගේ ”මුව කතා” සහ ”ඇත් කතා”, සිරිලාල් කොඩිකාර විසින් රචිත ”දිව්‍ය ලෝකයේ වී මනින කුරුණිය” ආදී ග‍්‍රන්ථ වලට මෙසේ පිට කවර නිර්මාණයෙන් මෙතුමා දායක වී තිබේ.

මඩලකන්ද මහතා ලේඛන කලාවට පමණක් නොව චිත‍්‍ර සහ මූර්ති කලාවටද උපන් හපන්කම් දැක්වූවෙකි. මෙතුමා දැනට දකුණු ආසියාවේ විශාලතම ලී කැටයම නිර්මාණ කර ඇති ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තුවේ එම නිර්මාණය කළ කලා ශිල්පී මහින්ද අබේසේකර මහතාගේ නිර්මාණයට සහාය වූ ප‍්‍රධානතම සහායක කැටයම් ශිල්පියා විය.

මෙයට අමතරව රක්‍ෂණ සංස්ථාවේ ප‍්‍රචාරක අංශයේද සේවය කළ මෙතුමා රක්‍ෂණ සංස්ථාවේ ආයතනික ගීතයේ නිර්මාතෘවරයාද වේ. මෙම ගීතයේ සංගීතය හා ගායනය ජගත් වික‍්‍රමසිංහ ගායකයාණන් සතු වේ. එසේම ”මිණිමුතු” නමින් සිංහල හා දෙමළ බසින් රක්‍ෂණය පිළිබඳ පණිවුඩද සැකසීමට මෙතුමා ක‍්‍රියා කර තිබීම අගය කළ යුතුය. 2000 වසරේ කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය ඞ්ප්ලෝමාවක්ද හැදෑරූ මෙතුමා ශ්‍රේෂ්ඨ කලාකරුවෙකි.

ලේඛන කලාවට, චිත‍්‍ර කලාවට, කැටයම් කලාවට, කවියට හා පොදුවේ මුළු මහත් සාහිත්‍ය වෙනුවෙන් කරනු ලැබූ මෙහෙවර අගය කිරීම්වස් ඉංගිරිය ප‍්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ සංස්කෘතික අංශය මඟින් රයිගම්කෝරළාභිමානී සාහිත්‍ය ශූරී ගරු සම්මානයෙන් බෝධිතුංග මඩලකන්දයන් පිදුම් ලැබීය.

මෙසේ කලා ක්‍ෂේත‍්‍රයට අද්විතීය සේවාවක් කරන්නා වූ බෝධිතුංග මඩලකන්ද මහතා කලා ලොවේ රන් තරුවකි.

TOP