×

HOW TO CONTRIBUTE

1 Arrange Your Information
2 Categorize as Article, Photo, News
3 Send it to Us

If you still have problems, please let us know, by sending an email to admin@ingiriyacity.lk. Thank you!

HOURS

Mon-Fri 9:00AM - 6:00PM

FORGOT YOUR DETAILS?

සුහද කලායතනය

ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 620/F, දොඹගස්කන්ද ග්‍රාම නිලධාරී වසමේ 462/1, විජය ගොවිජනපදය, දොඹගස්කන්ද ලිපිනයෙහි සුහද කලායතනය පිහිටා ඇත. අංක 35 යටතේ ලියාපදිංචි වී ඇති මෙම කලායතනය 1977 වර්ෂයේ ආරම්භ කොට ඇත.

පාරම්පරික ප්‍රවීන පහතරට නර්ථන ශිල්පී කේ.පී.සරත් පතිරණ මහතාගේ කලායතනාධිපතිීත්වයෙන් කේ.පී. දුෂාන්ත ලක්ෂිත පතිරණ, කේ.පී. ප්‍රසංසලා සෙව්වන්දි පතිරණ නර්ථන ශිල්පීන්ද මෙහි ඉගැන්වීම් කටයුතු වල නිරතවේ.

පහතරට, උඩරට නර්ථන සම්ප්‍රධායන් සහ බෙර වාදනය සහ විෂයන් උගන්වනු ලබන මෙම කලායතනයෙහි සිසුන් 40 දෙනෙකු පමණ ශිල්ප හදාරයි.

ප්‍රාදේශීය සහ පළාත් මට්ටමේ නර්ථනය සම්බන්ධ විවිධ ඇගයීම් වලට පාත්‍ර වෙමින් ශාස්ත්‍රීය නර්ථන කලාවේ උන්නතිය සඳහා විවිධ කටයුතු ඉටුකරමින් ඉංගිරිය ප්‍රදේශයේ දීප්තිමත් කලායතනයක් ලෙස සුහද කලායතනය හඳුන්වා දිය හැක.

කේ.පී. සරත් පතිරණ මහතා
කලායතනාධිපති
දුරකථන අංකය - 077-1875287

TOP