ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 621A රත්මල්ගොඩ නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේ 18 කොටස, වෙන්දේසි ඉඩම, රත්මල්ගොඩ, පෝරුවදණ්ඩ ලිපිනයෙහි රාවණ ධරණී කලායතනය පිහිටා ඇත.
2016 වර්ෂයේදී ආරම්භ කරන ලද මෙම කලායතනය කේ-186 අංක යටතේ ලියාපදිංචි කර ඇත. ප්‍රාසාංගික කලාවේදී (විශේෂ) සංගීත උපාධිධාරී ගායන සහ රංගන ශිල්පී ඩී.එස්. යොහාන් බිහේන්ද්‍ර රණසිංහ මහතා මෙම කලායතනයෙහි කලායතනාධිපතීත්වය දරණු ලබන අතර ඩබ්.ඩබ්.ඩී. ඩිලානි රංගා මහත්මියද මෙහි ගුරුවරියක ලෙස කටයුතු කරයි.
ජන සංගීතය සහ උත්තර භාරතීය සංගීතය මෙම කලායතනයෙහි උගන්වනු ලබන අතර මෙහි සිසුන් 35 දෙනෙකු පමණ ශිල්ප ලබයි.
ප්‍රාදේශීය සහ ජාතික මට්ටමේ කලා කටයුතු තුලින් ප්‍රදේශයට ඉමහත් සේවයක් සලසන කලායතනයක් ලෙස රාවණ ධරණී කලායතනය නම් කළ හැක.
ඩී.එස්. යොහාන් බිහේන්ද්‍ර රණසිංහ මහතා
කලායතනාධිපති
දුරකථන අංකය - 071-3584662