×

HOW TO CONTRIBUTE

1 Arrange Your Information
2 Categorize as Article, Photo, News
3 Send it to Us

If you still have problems, please let us know, by sending an email to admin@ingiriyacity.lk. Thank you!

HOURS

Mon-Fri 9:00AM - 6:00PM

FORGOT YOUR DETAILS?

රංගන කලායතනය

ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 620 ඉංගිරිය ග්‍රාම නිලධාරී වසමේ ටයිනි කිඩ්ස් පෙර පාසල, ඉංගිරිය යන ලිපිනයෙහි රංගන කලායතනය පිහිටා ඇත. 2017 වර්ෂයේ DOA/06/06/ක.අ/649 ලියාපදිංචි සංශෝධනය වුනු මෙම කලායතනය හොරණ මීවනපලාන රත්න ශ්‍රී රංගායතනය අනුබද්ධ කලායතනයකි.

යුධ හමුදා සංස්කෘතික නර්තන කණ්ඩායමේ සේවයෙහි නිරතව සිටි ප්‍රවීන නර්ථන ශිල්පී එස්.ඒ.ගාමිණී රත්නසිරි මහතා මෙම කලායතනයෙහි කලායතනාධිපතීත්වය දරනු ලබන අතර ඩී.ඒ.තිලකසීලී මහත්මිය, එස්.ඒ.රතීෂා කල්පනී රත්නසිරි මෙනවිය, එන්.කේ.ප්‍රදීප් කුමාර ධර්මසේන මහතා යන නර්ථන ගුරුවරුන් මෙහි ඉගැන්වීම් කටයුතු කරනු ලබයි.

උඩරට නැටුම්, ජන ගායනා, බෙර වාදන විෂයන් උගන්වනු ලබන මෙම කලායතනයෙහි සිසුන් 50 දෙනෙකු පමණ ශිල්ප ලබයි.

පළාත් සහ ජාතික මට්ටමේ තරග අංශ වලින් ජයග්‍රහණ ලැබීමෙන් සහ විවිධ කලා කටයුතු තුලින් ප්‍රාදේශීය සහ ජාතික මට්ටමින් සේවය සලසන රංගන කලායතනය ප්‍රදේශයට සහ කලාවේ ප්‍රවර්ධනයට මහත් සම්පතකි.

එස්.ඒ. ගාමිණී රත්නසිරි මහතා
කලායතනාධිපති
දුරකථන අංකය - 072-5931106

TOP