ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 625 අරකාවිල ග්‍රාම නිලධාරී වසමේ අරකාවිල හඳපාන්ගොඩ යන ලිපිනයෙහි මෙම කලායතනය පිහිටා ඇක. 2006 වර්ෂයේදී CD/03/08/01/13/කළු 143 අංත යටතේ සංස්කෘතික දෙපාර්තමේන්තුවේද ලියාපදිංචි කර ඇත. ආරම්භ වූ මෙම කලායතනය 2008 වර්ෂයේදී සමාගම් පනත යටතේද, 2011 වර්ෂයේදී අරකාවිල නර්ථන හා නාට්‍ය පදනමේ සභාපති පීටර් හීල් මහතා සහ අධ්‍යක්ෂිකා ජානකී හීල් මහත්මියගේ අදහසකට අනුව නිර්මාණය වූ මෙහි ශාස්ත්‍රපති එම්.එම්. කෝසලා හර්ෂණී මෙනවිය කලායතනාධිපතීත්වය දරයි.
මහාචාර්ය ලයනල් බෙන්තරගේ මහතා, නර්ථන ශිල්පී කෝලිත තේනුවර මහතා, නර්ථන ශිල්පී බුද්ධික රණවීර මහතා, නර්ථන ශිල්පිනී කෝසලා මැද්දගොඩ මෙනවිය, නර්ථන ශිල්පී නිලන්ත සංජීව මහතා, නර්ථන ශිල්පිනී මෝක්ෂා සමරසුන්දර මහත්මියද මෙම කලායතනයෙහි ඉගැන්වීම් කටයුතුවල නිරතවේ.
පහතරට, උඩරට, කථක්, භරත නර්ථන ශෛලීන්, නාට්‍ය හා රංග කලාව, දෙමළ භාෂාව හා යෝග අභ්‍යාසද පිළිබඳ අධ්‍යයනය ලබා දෙන මෙම කලායතනයෙහි සිසුන් 150ක් පමණ ශිල්ප ලබයි.
ජාතික සහා ජාත්‍යන්තර මට්ටමේ ඇගයීම්වලට පාත්‍ර වූ දැවැන්ත නාට්‍ය නිර්මාණ, ප්‍රසංග සහ විවිධ වැඩමුළු පවත්වමින් ප්‍රදේශයට සහ ජාතික වශයෙන් කලාවෙහි උන්නතියට කැපවෙන අරකාවිල නර්ථන හා නාට්‍ය පදනම ඉංගිරියට අගනා සම්පතකි.
කෝසලා හර්ෂනී මැද්දෙගොඩ මෙනවිය
කලායතනාධිපති
දුරකථන අංකය - 011-2759721