විහාරස්ථානයේ නම |
- |
ශ්‍රී වික්‍රමසිංහාරාමය |
ආරම්භක වර්ෂය |
- |
1928ට පෙර |
ලිපිනය |
- |
මාපුටුගල, පෝරුවදණ්ඩ |
විහාරාධිපති නාහිමි |
- |
පූජ්‍ය මාර්තුපිටියේ මෙත්තාරාම ස්වාමීන් වහන්සේ |
පිහිටීම |
- |
ඉංගිරිය-හොරණ මාර්ගයේ කිලෝමීටර් 4ක් පමණ දුරින් පෝරුවදණ්ඩ හංදියෙන් හැරී හඳපාන්ගොඩ මාර්ගයේ කිලෝමීටර් 4ක් පමණ දුරකින් මාපුටුගල හංදිය අසල මෙම විහාරය පිහිටා ඇත. |
ලියාපදිංචි අංකය |
- |
බෞ.කො/වි/හා/දෙ/03/10/028 |
දුරකථන අංකය |
- |
034-2256167 / 071-8010466 |
විස්තරය |
- |
මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායට අයත් මෙම විහාරස්ථානය ශ්‍රී රෝහණ පාර්ශවයට අයත් වේ. දැනට මෙම විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා 5ස් නමක් වැඩ වාසය කරන අතර මාර්තුපිටියේ මෙත්තාරාම හිමියන්ගේ ප්‍රධානාචාර්යධූරයෙන් මෙම විහාරයට අනුබද්ධව පවත්වාගෙන යන ශ්‍රී ප්‍රේමානන්ද දහම් පාසලෙහි ආචාර්ය මණ්ඩලය 19 දෙනෙකුගෙන් සමන්විත අතර සිසුන් 290 දෙනෙකු දහම් අධ්‍යාපනය ලබයි. දායක පවුල් 300ක පමණ දායක සභාවක් මෙම විහාරස්ථානයට දායකත්වය ලබාදේ. |