විහාරස්ථානයේ නම |
- |
ශ්‍රී තපෝධනාරාම මහා විහාරස්ථානය |
ආරම්භක වර්ෂය |
- |
1890දී |
ලිපිනය |
- |
පිංගොඩැල්ල, ඌරුගල, ඉංගිරිය |
විහාරාධිපති නාහිමි |
- |
පූජ්‍ය නම්බපාන සුධම්ම ස්වාමීන් වහන්සේ |
පිහිටීම |
- |
ඉංගිරිය-රත්නපුර මාර්ගයේ කිලෝමීටර් 01ක් පමණ ගියවිට හමුවන බුලත්සිංහල මාර්ගයේ මීටර් 200ක් පමණ දුරින් මෙම විහාරස්ථානය පිහිටා ඇත. |
ලියාපදිංචි අංකය |
- |
බෞ.කො/වි/හා/දෙ/03/10/022 |
දුරකථන අංකය |
- |
034-2269888 |
විස්තරය |
- |
අමරපුර නිකායික අරියවංශ සද්ධම්ම යුත්තික පාර්ශවයට අයත් මෙම විහාරස්ථානයෙහි දැනට භික්ෂූන් වහන්සේලා 3න් නමක් පමණ වැඩ වාසය කරයි. දායක පවුල් 1200ක පමණ දායකත්වයක් මෙම විහාරස්ථානයට ලැබේ. නම්බපාන සුධම්ම හිමියන්ගේ ප්‍රධානාචාර්යධූරයෙන් මෙම විහාරස්ථානයට අනුබද්ධ ශ්‍රී ධර්මාලෝක දහම් පාසල පවත්වාගෙන යනු ලබන අතර ගුරුවරුන් 21 දෙනෙකුගෙන් සැදුම් ලත් ආචාර්ය මණ්ඩලයක් මෙම දහම් පාසලෙහි සිසුන් 306 දෙනෙකු සඳහා දහම් අධ්‍යාපනය ලබා දෙයි. |
මෙම විහාරයේ ආරම්භක ස්වාමීන් වහන්සේලා ලෙස අතිගරු අධිකරණ සංඝ නායක පූජ්‍ය බෝඹුවල ශ්‍රී ධර්මාලෝක නාහිමියන්, නායක ස්ථවිර පූජ්‍ය ගිරිකොළ ධම්මාලංකාර ස්වාමීන් වහන්සේ, නායක ස්ථවිර පූජ්‍ය ඥාණාලෝක ස්වාමීන් වහන්සේ, ශාස්ත්‍රපති පූජ්‍ය කලටුවාවේ ධම්මාලෝක නායක ස්ථවිරයන් වහන්සේ, සංඝ නායක පූජ්‍ය හල්වතුරේ අස්සජී ස්ථවිරයන් වහන්සේ සහ නම්බපාන සුධම්ම ස්ථවිරයන් වහන්සේලා හට වර්තමානයේ සම හිමිකම් පැවරී ඇත.
මෙම උතුම් විහාර භූමිය තුළ තෙමහල් ධර්ම ශාලාවක්, පරමවිඥාණ බෞද්ධ සංගමයට අයත් කාලයෙහි ආරම්භ කරන ලද පාඨශාලා ගොඩනැගිල්ලක්, තෙමහල් ධර්ම ශාලාවක්, දෙමහල් විහාර මන්දිරය, පුස්තකාල හා ධාතු මන්දිරය, විහාරගෙය, පුංචි බුදු මැදුර, චෛත්‍යය, බෝධි මළුව සහ කතරගම විෂ්ණු දේවාල මෙම විහාර භූමියේ දක්නට ලැබේ. ඊට අමතරව ඉපැරණි ඕවාලාකාර ඝන්ඨාර කුළුණක් දක්නට ලැබේ.