විහාරස්ථානයේ නම |
- |
ශ්‍රී සුධර්මාරාමය |
ආරම්භක වර්ෂය |
- |
1998 දී පමණ |
ලිපිනය |
- |
කැකුළදොළ, පෝරුවදණ්ඩ |
විහාරාධිපති නාහිමි |
- |
පූජ්‍ය කොටිගල ධම්මරත්න ස්වාමීන් වහන්සේ |
පිහිටීම |
- |
ඉංගිරිය නගරයේ සිට හොරණ මාර්ගයේ පෝරුවදණ්ඩ හංදියෙන් හැරී හඳපාන්ගොඩ මාර්ගයේ කිලෝමීටර් 5ක් දුරින් බටුගම්පොල මාර්ගයේ කිලෝමීටර් 1ක් දුරකින් මෙම විහාරස්ථානය පිහිටා ඇත. |
ලියාපදිංචි අංකය |
- |
බෞ.කො/වි/හා/දෙ/03/10/012 |
දුරකථන අංකය |
- |
034-2256052 |
විස්තරය |
- |
සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශවයට අයත් ශ්‍රී සුධර්මාරාමයේ දැනට ස්වාමීන් වහන්සේලා සිව් නමක් වැඩවාසය කරයි. අක්කරයක පමණ භූමි භාගයක් පුරා පැතිරී පවතින මෙම විහාරය අයත් වන්නේ ගනේ විහාරයටය. මෙම විහාරස්ථානය හා සම්බන්ධ දායක පවුල් සංඛ්‍යාව 300ක් පමණ වේ. මෙම විහාරස්ථානය අනුබද්ධව ශ්‍රී ඛේමානන්ද දහම් පාසල පවත්වාගෙන යනු ලබන අතර අරුණි ජයතිස්ස මහත්මිය මෙහි ප්‍රධානාචාර්යධූරය හොබවයි. 8 දෙනෙකුගෙන් සමන්විත ආචාර්ය මණ්ඩලයකින් යුත් මෙම දහම් පාසලේ සිසුන් 150ක් පමණ දහම් අධ්‍යාපනය ලබයි. |