විහාරස්ථානයේ නම |
- |
ශ්‍රී සොළීරාජ මහා විහාරය |
ආරම්භක වර්ෂය |
- |
1969 |
ලිපිනය |
- |
ගනේතැන්න, පෝරුවදණ්ඩ |
විහාරාධිපති නාහිමි |
- |
පූජ්‍ය කරඳන ධම්මසිද්ධි ස්වාමීන් වහන්සේ |
පිහිටීම |
- |
ඉංගිරිය-හොරණ මාර්ගයේ කිලෝමීටර් 4ක් පමණ දුරින් හමුවන පෝරුවදණ්ඩ හංදියෙන් හැරී මානාන මාර්ගයේ කිලෝමීටර් 4ක් දුරකින් මෙම විහාරය පිහිටා ඇත. |
ලියාපදිංචි අංකය |
- |
බෞ.කො/වි/හා/දෙ/03/10/020 |
දුරකථන අංකය |
- |
077-7716061 |
විස්තරය |
- |
ශ්‍රී සොළීරාජ මහා විහාරය සියම් නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි ධර්ම මහා සංඝ සභාවේ බෙන්තර පාර්ශවයට අයත් වේ. විහාරයේ දැනට භික්ෂූන් වහන්සේලා දෙනමක් වැඩ වාසය කරති. මෙම විහාරයට දායක පවුල් 100ක පමණ දායකත්වයක් ලැබෙන අතර දැනට විහාරස්ථානය මගින් ශ්‍රී ධර්මාරාම නමින් දහම් පාසලක්ද පවත්වාගෙන යනු ලබයි. පූජ්‍ය කරඳන ධම්ම සිද්ධී හිමියන් මෙහි ප්‍රධානාචාර්යධූරය දරනු ලබන අතර 13 දෙනෙකුගෙන් යුත් ගුරු මණ්ඩලයකින් 100කට ආසන්න සිසුන් ප්‍රමාණයක් දහම් අධ්‍යාපනය ලබයි. |