විහාරස්ථානයේ නම |
- |
ශ්‍රී රුවන්බෝධි විහාරය |
ආරම්භක වර්ෂය |
- |
2007 පෙබරවාරි 04 |
ලිපිනය |
- |
වෝල්ටර්ලෑන්ඩ්, බොරළුගොඩ, පෝරුවදණ්ඩ |
විහාරාධිපති නාහිමි |
- |
පූජ්‍ය වීරකැටියේ ධම්මවිජය ස්වාමීන් වහන්සේ |
පිහිටීම |
- |
ඉංගිරිය-හොරණ මාර්ගයේ කිලෝමීටර් 4ක් පමණ දුරකින් හමුවන බොරළුගොඩ හංදියෙන් වමට හැරී මගුරුවල මාර්ගයේ මීටර් 200ක් පමණ දුරින් මෙම විහාරය පිහිටා ඇත. |
ලියාපදිංචි අංකය |
- |
බෞ.කො/වි/හා/දෙ/03/10/029 |
දුරකථන අංකය |
- |
034-2255347 / 071-8232350 |
විස්තරය |
- |
ශ්‍රී රුවන්බෝධි විහාරය සියම් නිකායේ මල්වතු පාර්ශවයට අයත් වන අතර මෙම විහාරයේ ස්වාමීන් වහන්සේලා එක් නමක් පමණක් වාසය කරයි. ආයෝජන මණ්ඩලය මගින් විහාරස්ථානය ඉදිකිරීම සඳහා අක්කර තුන්කාලක භූමි භාගයක් පරිත්‍යාග කර ඇති අතර එම භූමියේ මෙම විහාරය ඉදිකර ඇත. මෙම විහාරස්ථානයට දායක පවුල් 140ක් පමණ දායක සභාවක් ඇති අතර මෙම විහාරය මගින් විහාරස්ථානයට අනුබද්ධ සිසුන් 100කට අධික සංඛ්‍යාවක් දහම් අධ්‍යාපනය ලබන ශ්‍රී සම්බුද්ධ ජයන්ති දහම් පාසල පවත්වාගෙන යනු ලබයි. පූජ්‍ය වීරකැටියේ ධම්මවිජය ස්වාමීන් වහන්සේ ප්‍රධානාචාර්යධූරයෙන් 18 දෙනෙකුගෙන් යුත් ගුරු මණ්ඩලයකින් මෙම දහම් පාසල සමන්විත වේ. |