×

HOW TO CONTRIBUTE

1 Arrange Your Information
2 Categorize as Article, Photo, News
3 Send it to Us

If you still have problems, please let us know, by sending an email to admin@ingiriyacity.lk. Thank you!

HOURS

Mon-Fri 9:00AM - 6:00PM

FORGOT YOUR DETAILS?

ශ්‍රී පියදස්සනාරාමය

විහාරස්ථානයේ නම

-

ශ්‍රී පියදස්සනාරාමය
ආරම්භක වර්ෂය

-

1918-1920 අතර
ලිපිනය

-

කුරණ, කොටිගල, හඳපාන්ගොඩ
විහාරාධිපති නාහිමි

-

පූජ්‍ය හඳපාන්ගොඩ රතනසිරි ස්වාමීන් වහන්සේ
පිහිටීම

-

ඉංගිරිය නගරයේ සිට පාදුක්ක මාර්ගයේ කිලෝමීටර් 8ක් පමණ ගිය පසුව හමුවන කොටිගල මංසන්ධියෙන් හැරී කුරණ මාර්ගයේ කිලෝමීටර් එකහමාරක් පමණ ගිය පසුව හමුවන කුරාඋඩ මාර්ගයේ මෙම විහාරය පිහිටා ඇත.
ලියාපදිංචි අංකය

-

බෞ.කො/වි/හා/දෙ/03/10/011
දුරකථන අංකය

-

072-9012364
විස්තරය

-

ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායට අයත් වන මෙම විහාරස්ථානයේ දැනට ස්වාමීන් වහන්සේලා තුන් නමක් වැඩ වාසය කරන අතර 1986 දී ආරම්භ වූ සුමනජෝති දහම් පාසල ප්‍රදේශයේ ළමුන්ගේ දහම් දැනුම වර්ධනයෙහිලා සිදු කරනුයේ අමිල මෙහෙයකි. ළමුන් 250කට වැඩි ප්‍රමාණයක් ඉගෙනුම ලබන මෙහි ආචාර්ය මණ්ඩලය 20ක් පමණ වේ. දහම් පාසල් ළමුන් කේන්ද්‍ර කොටගෙන ක්‍රියාත්මක වන සම්පත් මධ්‍යස්ථානයක්ද විහාරස්ථාන භූමියේ ස්ථාපිත කර ඇති අතර එහි පරිඝණක මධ්‍යස්ථානයක් හා පුස්තකාලයක්ද තිබේ.

 

ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායට අයත් වන මෙම විහාරස්ථානයේ ආරම්භක මහනායක හිමිවරුන් පිළිබඳව විස්තර කිසිත් හමු නොවන අතර එවැනි විස්තරයක් මුලින්ම හමුවන්නේ වීදිය වත්තේ සුමනජෝති නායක හාමුදුරුවන් වහන්සේ පිළිබඳවය. වර්ෂ 1970දී උන්වහන්සේ අපවත්වූහ. ඉන්පසුව විහාරාධිපති වශයෙන් දළුබැද්දේ ධම්මානන්ද හිමියන් පත්වේ. විහාරස්ථානයේ දැනට විහාරාධිපති හිමියන් වශයෙන් කටයුතු කරන හඳපාන්ගොඩ රතන ස්වාමීන් වහන්සේ මෙහි වැඩවාසය කරන්නේ වර්ෂ 1980 සිටය.

TOP