විහාරස්ථානයේ නම |
- |
ශ්‍රී ගංගාතිලක මහා විහාරය |
ආරම්භක වර්ෂය |
- |
1820 |
ලිපිනය |
- |
පුහුවල, දඹර, මීවනපලාන |
විහාරාධිපති නාහිමි |
- |
පූජ්‍ය නාපාවල ඉන්ද්‍රසාර ස්වාමීන් වහන්සේ |
පිහිටීම |
- |
ඉංගිරිය-හොරණ මාර්ගයේ කිලෝමීටර් 6ක් පමණ දුරින් හමුවන ගුරුගොඩ හංදියෙන් දකුණට හැරී පාදුක්ක මාර්ගයේ කිලෝමීටර් 4ක් පමණ ගියවිට හමුවන දෙල්ගස් හංදියෙන් හැරී මීටර් 50ක් පමණ දුරින් මෙම විහාරය පිහිටා ඇත. |
ලියාපදිංචි අංකය |
- |
බෞ.කො/වි/හා/දෙ/03/10/006 |
දුරකථන අංකය |
- |
034-2255045 |
විස්තරය |
- |
සියම් නිකායේ මල්වතු පාර්ශවයේ වීදියගොඩ සංඝ පරපුරට මෙම විහාරය අයත්වන අතර ස්වාමීන් වහන්සේලා 6 නමක් පමණ වැඩ වාසය කරයි. දායක පවුල් 800කින් පමණ සමන්විත මෙම විහාරස්ථානයට අනුබද්ධ නාපාවල ඉන්ද්‍රසාර හිමියන්ගේ ප්රධානාචාර්යධූරයෙන් ශ්‍රී ගංගාතිලක දහම් පාසල පවත්වාගෙන යනු ලබයි. 13 දෙනෙකුගෙන් යුත් ආචාර්ය මණ්ඩලයක් විසින් සිසුන් 300කට අධික පිරිසක් සඳහා මෙහි දහම් අධ්‍යාපනය ලබා දෙයි. |
සියම් නිකායේ මල්වතු පාර්ශවයේ වීදියගොඩ සංඝ පරපුරට මෙම විහාරය අයත් වේ. මෙම විහාරය 1826දී පූජ්‍ය මීවනපලානේ සෝභිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් ආරම්භ කරන ලදී. උන්වහන්සේගෙන් පසුව පූජය ලබුගම සෝනුත්තර ස්වාමීන් වහන්සේ විහාරාධිපති ලෙස පත්විය. ඉන්පසුව එම විහාරයේ විහාරාධිපති ලෙස පූජ්‍ය දඹර ශ්‍රී නිවාස ස්වාමීන්ද්‍රයන් වහන්සේ විහාරාධිපති නාහිමියන් ලෙස පත්විය. උන්වහන්සේගෙන් අනතුරුව බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක පූජ්‍ය උඩුවේ ධම්මාතිලක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විහාරාධිපති නාහිමියන් ලෙස පත්විය. උන්වහන්සේගෙන් පසු පූජ්‍ය උඩුවේ ධම්මසිරි ස්වමීන්ද්‍රයන් වහන්සේ විහාරාධිපති නාහිමි ලෙස පත්විය. උන්වහන්සේගෙන් පසුව පූජ්‍ය උඩුවේ ධම්මසිරි ස්වාමීන් වහන්සේ විහාරාධිපති නාහිමි ලෙස පත්වූ අතර උන්වහන්සේ 2002 ඔක්තෝම්බර් 28 දින අපවත්වීමෙන් පසුව වර්තමාන විහාරාධිපති වහන්සේ විහාරාධිපති ධූරයට පත්විය.
අක්කර 9ක් පමණ භූමි භාගයක් පුරා පැතිරී පවතින මෙම පින් බිමෙහි දැනට එක් ස්වාමීන් වහන්සේ නමක් වැඩවාසය කරයි. ඉංගිරිය බල ප්‍රදේශයේ පවතින පැරණිම පන්සල් වලින් එකක් වන මෙම විහාරයේ ධර්ම ශාලාව 1938දී විවෘත කරන ලදී. මෙම විහාරයේ චෛත්‍යය රාජයාණන් 1954දී විවෘත කරන ලදී. එසේ මෙම විහාරයට බෝධීන් දෙකක් තිබෙන අතර එක් බෝධියක් (1970 ගණන් වලදී) ජය ශ්‍රී මහා බෝධියේ අංකුරයක් ගෙනවිත් රෝපණය කර ඇත. ඉතාමත් ඈත අතීතයකට හිමිකම් කියන මෙම විහාරයේ විහාරගෙය තුළ බිතුසිතුවම් මෑතකදී ස්ප්‍රේ පේන්ට් තාක්ෂණය උපයෝගී කර ගනිමින් සිතුවම් කලාවට නව අර්ථකථනයක් එක් කරමින් බිතුසිතුවම් නිර්මාණය කර ඇත.
මෙම විහාරය මගින් පවත්වන ප්‍රධාන පිංකම් ලෙස සෑම පෝය දිනකම සීල ව්‍යාපාර, කඨින පිංකම්, බෝධිපූජා, පිරිත් පිංකම් මේ අතර ප්‍රධාන වේ. ප්‍රදේශයේ දරුවන්ගේ දහම් දැනුම වඩවාලීම සඳහා ගංගාතිලක විහාරය මගින් දහම් පාසල පවත්වාගෙන යන අතර එහි ළමයින් 300ක් පමණ අධ්‍යාපනය ලබා ගනී. ආචාර්ය මණ්ඩලය 15 දෙනෙකුගෙන් සමන්විත වන අතර මෙම දහම් පාසල ආරම්භ කරන ලද්දේ 1940 වර්ෂයේදීය.