×

HOW TO CONTRIBUTE

1 Arrange Your Information
2 Categorize as Article, Photo, News
3 Send it to Us

If you still have problems, please let us know, by sending an email to admin@ingiriyacity.lk. Thank you!

HOURS

Mon-Fri 9:00AM - 6:00PM

FORGOT YOUR DETAILS?

ශ්‍රී දේවරක්ඛිතාරාමය

විහාරස්ථානයේ නම

-

ශ්‍රී දේවරක්ඛිතාරාමය
ආරම්භක වර්ෂය

-

1816
ලිපිනය

-

වගවත්ත, පෝරුවදණ්ඩ
විහාරාධිපති නාහිමි

-

පූජ්‍ය ඉංගිරියේ විපුලසාර ස්වාමීන් වහන්සේ
පිහිටීම

-

ඉංගිරිය-හොරණ මාර්ගයේ කිලෝමීටර් පහමාරක් පමණ ගියවිට වගවත්ත හංදියෙන් වමට හැරී වගවත්ත මාර්ගයේ කිලෝමීටර් 2ක් පමණ දුරින් මෙම විහාරය පිහිටා ඇත.
ලියාපදිංචි අංකය

-

බෞ.කො/වි/හා/දෙ/03/10/027
දුරකථන අංකය

-

034-2258103
විස්තරය

-

සියම් නිකායේ ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධම්ම මහා සංඝ සභාවට අයත් මෙම විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා දෙනමක් පමණ වැඩ වාසය කරයි. පවුල් 400ක පමණ දායකත්වයක් ලබන මෙම විහාරස්ථානයට අනුබද්ධ ශ්‍රී රාහුල දහම් පාසලේ 12 දෙනෙකුගෙන් යුත් ගුරු මණ්ඩලයක් සිසුන් 143 දෙනෙකු සඳහා දහම් අධ්‍යාපනය ලබා දෙයි.

 

සියම් නිකායේ ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධම්ම මහා සංඝ සභාවට මෙම විහාරය අයත් වේ. මෙම විහාරය ආරම්භ කරන ලද්දේ පලාතොට ගංගාරාම විහාරයේ පූජ්‍ය එල්ලාවල දේවරක්ඛිත හිමියන් විසිනි. එයින් පසුව මෙම විහාරයේ විහාරාධිපති නාහිමියන් ලෙස පූජ්‍ය වගවත්තේ සුමනජෝති හිමියන් පත්වන අතර ඉන් අනතුරුව මෙම විහාරයේ විහාරාධිපති නාහිමියන් ලෙස පූජ්‍ය මධුරාවල පඤ්ඤාලෝක නාහිමියන් පත්වේ. 1999 වර්ෂයේ සිට මෙම විහාරයේ විහාරාධිපති නාහිමියන් ලෙස කටයුතු කරන්නේ පූජ්‍ය ජුලම්පිටියෙ සුධීර ස්වාමීන් වහන්සේය. මෙහි වැඩ සිටින්නේ එක් හිමිනමක් පමණි.

ශ්‍රී දේවරක්ඛිතාරාමය අක්කර 3ක භූමි භාගයක විසිරී පවතින අතර මෙම විහාරයේ බෝධීන් වහන්සේ රෝපණය කරන ලද්දේ 2000 වර්ෂයේදීය. ධර්මශාලාව නිමකරන ලද්දේ 2003 වර්ෂයේ වන අතර චෛත්‍යය 2007 වර්ෂයේ සාදා නිමකරන ලදී. එසේම සංඝාවාසය 2010 වර්ෂයේදී විවෘත කරන ලදී. ඉහත ඉදිකිරීම් සඳහා රජයේ කිසිඳු ආධාර මුදලක් ලැබී නොමැති අතර ඉහත සියල්ල ඉදිකරන ලද්දේ පන්සලේ දායක සභාවේ අනුග්‍රහය මතය. මෙම විහාරයේ ඇති විශේෂත්වය වන්නේ ඉතාමත් පැරණි කිරිගරුඬ පිළිමයක් තිබීමයි. මෙම විහාරය මගින් පවත්වන ප්‍රධාන පිංකම් ලෙස වාර්ෂිකව පවත්වන පොසොන් උදානය, සීල ව්‍යාපාරය, කඨින පිංකම මේ අතර ප්‍රධාන වේ. මෙම විහාරයට දායක පවුල් 300ක් අයත් වේ. ශ්‍රී රාහුල හිමි දහම් පාසල මගින් ළමයින් 260කට ආසන්න ප්‍රමාණයකට දහම් දැනුම ලබාදේ. ආචාර්ය මණ්ඩලය 13ක් පමණ සිටින අතර දහම් පාසල 1965 වර්ෂයේදී ආරම්භ කරන ලදී.

TOP