විහාරස්ථානයේ නම |
- |
ශ්‍රී නාගලෙන විවේකාරාමය |
ආරම්භක වර්ෂය |
- |
1987 |
ලිපිනය |
- |
අක්කර 20, ඉංගිරිය |
විහාරාධිපති නාහිමි |
- |
පූජ්‍ය ගුරුගොඩ සංඝ සෝභන ස්වාමීන් වහන්සේ |
පිහිටීම |
- |
ඉංගිරිය-හොරණ මාර්ගයේ මීටර් 250ක් පමණ ගියවිට හමුවන එල්ස්මෝර් පළමු පටුමගෙන් හැරී කිලෝමීටර් එකහමාරක් පමණ දුරින් මෙම විහාරය පිහිටා ඇත. |
ලියාපදිංචි අංකය |
- |
බෞ.කො/වි/හා/දෙ/03/10/010 |
දුරකථන අංකය |
- |
034-4944102 / 072-5455295 |
විස්තරය |
- |
අමරපුර නිකායේ අමරපුර චූලගණ්ඨික පාර්ශවයට අයත් මෙම විහාරස්ථානයේ දැනට එක් ස්වාමීන් වහන්සේ නමක් වැඩ වාසය කරයි. දායක පවුල් 50කින් පමණ යුත් දායක සභාවක් මෙම විහාරස්ථානයට ඇත. |
වසර 15ක් පමණ අතීතයකට හිමිකම් කියන මෙම නාගලෙන විවේකාරාම විහාරය ආරම්භ කරන ලද්දේ පූජ්‍ය ගුරුගොඩ සංඝ සෝභින හිමියන් විසිනි. මෙම විහාරයේ විහාරාධිපති නාහිමි ලෙස 2005-2006 වර්ෂ වලදී සිරිමල්ගම ධම්මවංශ හිමි විහාරාධිපති නාහිමි වශයෙන් තිස්ස හිමි මෙම විහාරයේ උන්නතිය උදෙසා විශාල කාර්යභාරයක් ඉටුකරනු ලැබේ.
නාගලෙන විවේකාරාමය ලෙස හඳුන්වන මෙම විහාරය 2007 ජනවාරි මාසයේ සිට මෛත්‍රී සේනාසනය ලෙස නම්කර ඇත. මෙම විහාරයේ දැනට එක් හිමි නමක් වැඩවාසය කරයි. වන රක්ෂිතයක ආසන්නයේ උස් කඳු මුදුනක පිහිටි මෙම විහාර භූමිය තුළ භාවනා කුටි දෙකක් ඇත. ඊට අමතරව මෙම උතුම් පින්බිමේ ධර්ම ශාලාවක්, සමාධි පිළිමයක් 2007 වර්ෂයේ ඉදිකරන ලදී. 2010 වර්ෂයේ මෛත්‍රී සේනාසන භූමියේ බෝධියක් රෝපණය කරන ලදී. මෙම විහාරයට දායක පවුල් 120ක් පමණ සිටින අතර සෙනසුරාදා දිනවල භාවනා වැඩසටහන් පැවැත්වේ.