×

HOW TO CONTRIBUTE

1 Arrange Your Information
2 Categorize as Article, Photo, News
3 Send it to Us

If you still have problems, please let us know, by sending an email to admin@ingiriyacity.lk. Thank you!

HOURS

Mon-Fri 9:00AM - 6:00PM

FORGOT YOUR DETAILS?

මඩකඩ ආරණ්‍ය සේනාසනය (නාච්චිමලේ ආරණ්‍යය)

ආරණ්‍යයේ නම

-

මඩකඩ ආරණ්‍ය සේනාසනය
ආරම්භක වර්ෂය

-

1948
ලිපිනය

-

10/A, මඩකඩ ආරණ්‍ය සේනාසනය, ඉංගිරිය
විහාරාධිපති නාහිමි

-

පූජ්‍ය අම්පිටියේ මංගල ස්වාමීන් වහන්සේ
පිහිටීම

-

ඉංගිරිය නගරයේ සිට පාදුක්ක (කොළඹ) මාර්ගයේ කිලෝමීටර් 1ක් පමණ ගොස් මහ ඉංගිරිය මංසන්ධියෙන් දකුණු දෙසට ඇති කීණගහවිල මාර්ගයේ කිලෝමීටර් එකහමාරක් ගිය තැන මෙම ආරණ්‍ය සේනාසනය හමුවේ.
ලියාපදිංචි අංකය

-

බෞ.කො/වි/හා/දෙ/03/10/008
දුරකථන අංකය

-

034-3346906
විස්තරය

-

සියම් නිකාය හා වනවාස පාර්ශවයට අයත් ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොට්ටියාවත්ත ග්‍රාමසේවා වසමේ ඉතා රමණීය ප්‍රදේශයක පිහිටා ඇති මෙම මඩකඩ ආරණ්‍ය සේනාසනය, දෙස් විදෙස් ජනයාගේ ජනාදරයට පත්ව ඇත. වනවාසී රංවල සද්ධාතිස්ස හිමියන් මෙම ආරණ්‍ය සේනාසනය ආරම්භ කොට ඇත.

මඩකඩ ආරණ්‍ය සේනාසනය හෙවත් නාච්චිමලේ ආරණ්‍යය ඉතාමත් රමණීය පරිසරයක පිහිටා තිබීමත්, ඒ අසලින් නාච්චිමලේ දොළ (නම්බපාන ඇළ) ගලා බැසීමත් හේතුකොටගෙන දෙස් විදෙස් ආකර්ෂණය හා ජනාදරය නතු කරගැනීමට සමත්ව ඇත. තවද මෙම පුදබිම ආවේණික වෘක්ෂලතා, දුර්ලභ දේශීය ඖෂධ පැළෑටි, පක්ෂීන්, සමනල වර්ග සහ වන සතුන්ගෙන් ගහන ප්‍රදේශයකි.

මෙහි පැවිදි කරුණු ලබන ස්වාමීන් වහන්සේලා වයස අවුරුදු 15ත්, 55ත් අතර වයස් සීමාවට අයත් වන අතර තාවකාලිකව පැවිදිතාවයට පත් කිරීමද සිදුවේ. මාස 03, මාස 06 ආදී කාල සීමාවන් 02ක් යටතේ අදාලා තාවකාලික පැවිද්ද ලබා දේ.

දායක පවුල් 365කගේ පමණ දායකත්වය මෙම ආරණ්‍ය සේනාසනය හා ඒකරාශී වී පවතී. මෙම ආරණ්‍ය සේනාසනයේ භික්ෂූන් වහන්සේලා 17ක් පමණ වැඩ වාසය කරයි.

 

TOP