විහාරස්ථානයේ නම |
- |
ගනේ විහාරය |
ආරම්භක වර්ෂය |
- |
1850 |
ලිපිනය |
- |
පන්සල් මාවත, හඳපාන්ගොඩ |
විහාරාධිපති නාහිමි |
- |
පූජ්‍ය කොටිගල ධම්මරතන ස්වාමීන් වහන්සේ |
පිහිටීම |
- |
ඉංගිරිය-පාදුක්ක මාර්ගයේ කිලෝමීටර් 7ක් පමණ දුරින් හමුවන පන්සල් මාවතේ මෙම විහාරස්ථානය පිහිටා ඇත. |
ලියාපදිංචි අංකය |
- |
බෞ.කො/වි/හා/දෙ/03/10/013 |
දුරකථන අංකය |
- |
034-2256014 |
විස්තරය |
- |
සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශවයට අයත් මෙම විහාරස්ථානයේ වත්මන් විහාරාධිපති වන්නේ පූජ්‍ය කොටිගල ධම්මරතන නාහිමියන්ය. දැනට පිරිවෙනෙහි නියෝජ්‍ය විදුහල්පති වශයෙන් කටයුතු කරන පූජ්‍ය බටුගම්පොල චන්ද්‍රසිරි හිමියන්ද මෙහි වැඩවෙසෙන තවත් ප්‍රධාන භික්ෂූන් වහන්සේ නමකි. මීට අමතරව භික්ෂූන් වහන්සේලා 7ත් නමක් පමණ මෙහි වැඩවාසය කරනු ලබයි. දායක පවුල් 800ක පමණ දායක සභාවක් මෙම විහාරය හා සම්බන්ධව ඇති අතර කොටිගල ධම්මරතන හිමියන්ගේ ප්‍රධානාචාර්යධූරයෙන් විහාරස්ථානයේ පවත්වාගෙන යනු ලබන ශ්‍රී ජිනසෝභන දහම් පාසලේ 18 දෙනෙකුගෙන් යුත් ආචාර්ය මණ්ඩලයක් සිසුන් 450 දෙනෙකු සඳහා දහම් අධ්‍යාපනය ලබා දෙයි. |
පූජ්‍ය කොටිගල ධම්මරතන හිමිපාණන් වහන්සේට ප්‍රථම මෙම විහාරස්ථානයේ තවත් නායක ස්වාමීන් වහන්සේලා කිහිප නමක්ද වැඩ සිටියහ. ඒ අතරතුර
අති පූජ්‍ය පැපිලියානේ ශ්‍රී සීලවංශ නාහිමිපාණෝ
අති පූජ්‍ය ලඟානේ ශ්‍රී සුමංගල නාහිමිපාණෝ
අති පූජ්‍ය ශ්‍රී ඝනශාසන වංශාලංකාර ශ්‍රී සීලවංශ ශ්‍රී ජිනසෝභන නායක ස්වාමීන් වහන්සේ
අති පූජ්‍ය ශ්‍රී ඝනශාසන වංශාලංකාර රයිගම් කෝරළයේ ප්‍රධාන සංඝ නායක ශ්‍රී ජිනසෝභන ජිනරතනභිධාන ස්වාමීන් වහන්සේ
යන ස්වාමීන් වහන්සේලා ප්‍රධාන වේ. විහාරස්ථානයේ දැනට ක්‍රියාත්මක ශ්‍රී ජිනසෝභන දහම් පාසල වර්ෂ 1979.09.23 වැනි දින අරඹන ලද්දකි.