විහාරස්ථානයේ නම |
- |
බෝධිනාගල ආරණ්‍ය සේනාසනය |
ආරම්භක වර්ෂය |
- |
1956 |
ලිපිනය |
- |
දොඹගස්කන්ද, ඉංගිරිය |
විහාරාධිපති නාහිමි |
- |
පූජ්‍ය ලබුගම ආනන්ද ධම්මකිත්ති ස්වාමීන් වහන්සේ |
පිහිටීම |
- |
ඉංගිරිය නගරයේ සිට හොරණ මාර්ගයේ කිලෝමීටර් 3ක් පමණ දුරින් හමුවන බෝධිනාගල මාර්ගයේ කිලෝමීටර් 5ක් පමණ දුරකින් මෙම ආරණ්‍ය සේනාසනය පිහිටා ඇත. |
ලියාපදිංචි අංකය |
- |
බෞ.කො/වි/හා/දෙ/03/10/009 |
දුරකථන අංකය |
- |
034-3346902 |
විස්තරය |
- |
සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයට අයත් 1956 වසරේ අරඹන ලද මෙම ආරණ්‍ය සේනාසනය රයිගම් කෝරළයේ කළුගං පියසේ දොඹගස්කන්ද නැමැති කුඩා කඳුගැට හතකින් යුත් මනරම් භූමිභාගයක පිහිටා තිබේ. මෙම ස්ථානය වටා නිර්මාණය වී ඇති බෝහෝ ජනප්‍රවාද ඇති අතර බෝධිනාගල නම් නම සැකසී ඇති අන්දම ගැනද එවැනිම වූ ජනප්‍රවාදයක් පවතී. ඊට අනුව අතීතයේදී මෙම බිමෙහි බමුණු පඬිවරයෙක් වාසය කර තිබේ. එම බමුණා දැන උගත් බ්‍රාහ්මණ පඬිවරයෙකු වූ හෙයින් මෙම ස්ථානය "බොධනා" යනුවෙන්ද ගල් තලාවන්ගෙන් ගැවසී ගත් හෙයින් "බොධනාගල" ද එම නාමයම පසුකාලීනව "බෝධිනාගල" යනුවෙන් වෙනස් වී ඇතැයි සැලකේ. ඉංග්‍රීසි පාලන යුගයේදී රජ්ජුරුවන්ගේ කැලෑව වශයෙන් සලකාද මෙම වන රක්ෂිතය ආරක්ෂිතව තිබී ඇති අතර දැනට පවත්වා වන සෙනසුන හේතුවෙන්ද මෙම බිම්කඩෙහි ආරක්ෂාව තවදුරටත් තීව්‍ර වී තිබේ. බෝධිනාගල ආරණ්‍ය සේනාසනයේ දැනට ස්වාමීන් වහන්සේලා 10 නමක් වැඩවාසය කරන අතර මෙහි දායක පවුල් සංඛ්‍යාව 365ක් පමණ වේ. 1955 වසරේ ඇරඹී මෙම සෙනසුනෙහි ආරම්භක ගුරු ස්වාමීන් වහන්සේ වහන්සේ වූයේ ත්‍රිපිටකවාගීශ්වර පණ්ඩිතාචාර්ය වනවාසික ශ්‍රී රේවත ධර්මකීර්ති නාහිමිපාණන් වහන්සේය. උන්වහන්සේ මෙහි උන්නතිය විෂයෙහිලා මහත්වූ සේවයක් කරන ලදහ. එකී සේවය සිහිකරනු වස් උන්වහන්සේගේ ප්‍රතිමාවක්ද ආරණ්‍ය සේනාසනයේ පිහිටුවා තිබේ. එමෙන්ම උන්වහන්සේගේ සමයේදීම ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගෙන් හටගත් අෂ්ටඵල රුක බෝධි අංකුර වලින් එකක්ද වර්ෂ 1967 අප්‍රේල් 14වන දිනදී රෝපණය කරන ලදී. |