×

HOW TO CONTRIBUTE

1 Arrange Your Information
2 Categorize as Article, Photo, News
3 Send it to Us

If you still have problems, please let us know, by sending an email to admin@ingiriyacity.lk. Thank you!

HOURS

Mon-Fri 9:00AM - 6:00PM

FORGOT YOUR DETAILS?

සිරි තිලකාරාම විහාරස්ථානය

විහාරස්ථානයේ නම

-

සිරි තිලකාරාම විහාරස්ථානය
ආරම්භක වර්ෂය

-

1919
ලිපිනය

-

පෝරුවදණ්ඩ
විහාරාධිපති නාහිමි

-

පූජ්‍ය මොරගහහේනේගම විජිත ස්වාමීන් වහන්සේ
පිහිටීම

-

ඉංගිරිය-හොරණ මාර්ගයේ කිලෝමීටර් 5ක් පමණ දුරින් මෙම විහාරය පිහිටා ඇත.
ලියාපදිංචි අංකය

-

බෞ.කො/වි/හා/දෙ/03/10/021
දුරකථන අංකය

-

034-2255826
විස්තරය

-

සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශවයට අයත් මෙම විහාරස්ථානයේ දැනට ස්වාමීන් වහන්සේලා තුන් නමක් වැඩ වාසය කරයි. දායක පවුල් 600ක පමණ දායක සභාවකින් සමන්විත මෙම විහාරය අනුබද්ධ ශ්‍රී ප්‍රඥාරාම දහම් පාසලෙහි ප්‍රධානාචාර්යධූරය මොරගහහේනේගම විජිත හිමියන් දරනු ලබයි. 15 දෙනෙකුගෙන් සමන්විත ආචාර්ය මණ්ඩලයකින් සමන්විත මෙම දහම් පාසලේ සිසුන් 228ක් පමණ දහම් අධ්‍යාපනය ලබයි.

 

සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශවයට අයත් මෙම පන්සලේ භික්ෂූන් වහන්සේලා පස් නමක් පමණ වැඩවාසය කරති. මෙම විහාරස්ථානය ආරම්භ වන්නේ කළුතර පලාතොට ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය නිරිඇල්ලේ විමලසාර හිමියන්හට කරන ලද ආරාධනාවකට අනුව තමන් වහන්සේගේ ශිෂ්‍යයකු වූ කුරුප්පු මුල්ලේ සීලරතන නම් හිමි නමක් 1891 ජූලි මස මෙහි කටුමැටියෙන් තැනූ කුඩා නිවසක උන්වහන්සේ වස් විසූ අතර එතැන් පටන් මෙම විහාරය ආරම්භ වූ බව සඳහන් වේ. 1891 නොවැම්බර් 03 වන දින පවත්වන ලද කඨින පිංකමේදී ජයවර්ධනපුර කොට්ටේ රජමහා විහාරාධිපති කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ නායක හිමියන් වන ඇඹුල්ගම ධර්මකීර්ති ශ්‍රී විමල තිස්ස නාහිමියන් ප්‍රධාන විසි නමක් ඉදිරියෙහි අක්කරයක පමණ භූමියක විහාරස්ථානය සඳහා කළුබෝවිලගේ දොන් පීරිස් ගුණතිලක මහත්මා විසින් පූජා කොට ඇත. අනතුරුව මහා සංඝයා විසින් විහාරස්ථානයේ භාරකාරත්වය කළුතර පලාතොට ගංගාරාම විහාරාධිපති නිරිඇල්ලේ විමලසාර හිමියන්ට පවරයි. උන්වහන්සේගේ භාරකාරත්වය යටතේ වසර කිහිපයක් කුරුප්පුමුල්ලේ සීලරතන හිමියන් විසින් විහාරස්ථානයට අවශ්‍ය මූලික අවශ්‍යතා සපුරාලීමට කටයුතු කර ඇත. තිලකාරාම විහාරය පිහිටි භූමිය මුල් කාලයේ හඳුන්වා ඇත්තේ මූකලාන කැලෑබිමක් හා කොස්පොතුගලහේන ආදී නම් වලිනි. 1913 දෙසැම්බර් 5වන දින කළුපන කූඩළුගල කුඹුරේ වී බුසල් 8 බිම් කොටසක වගවත්තේ පදිංචි කළුබෝවිලගේ දොන් තෝමස් අප්පුහාමි කළුපහන පදිංචි කළුබෝවිලගේ දොන් පීරිස් ගුණතිලක මහතාද කළුපහන පදිංචි කළුබෝවිලගේ දොන් ලිවිනිස් ගුණතිලක මහතාද කළුපහන ලබුගම රැටියලගේ ගාරච්චිහාමි යන අය විසින් පූජා කොට ඇත. බු.ව.1468 හෙවත් 1925දී හඳපාන්ගොඩ පදිංචි කුස්සිගේ පොඩිනෝනාද, හෙනේගම පදිංචි හෙට්ටිආරච්චිගේ දොන් පේද්‍රික් මහතා විසින් කළුපහන පදිංචිවී සිටි නැසීගිය ඒනිස් ගුණතිලක මහතාගේ බූදලයට අයිති වූ නිරවුල් ඉඩම් කැබැල්ලක්ද, සාංඝික කොට පූජා කොට ඇත. 1913 වර්ෂයේදී මෙහි භාරකාරත්වය දරණ ලද්දේ නිරිඇල්ලේ විමලසාර හිමියන්ගේ අවසාන ශිෂ්‍යා වූ නිරිඇල්ලේ පඤ්ඤාරාම හිමියන්ය.

1933දී ඔක්තෝම්බර් 11 වන දින ප්‍රදේශවාසී දහම් පාසල් දරුවන්ගේ දහම් අධ්‍යාපනය වර්ධනය කරවීම සඳහා පඤ්ඤාරාම නමින් දහම් පාසලක් මෙහි අරඹන ලදී. මීට ආසන්න කාලයේදී කුලඟන සමිතියක්ද ආරම්භ කොට විහාරස්ථානයේ දියුණුව සලසන ලදී. 1953දී පඤ්ඤාරාම හිමියන් හම්බන්තොට ලුනුලේවාය අසල මෙත්තාවාස නම් කුඩා පන්සලක් සාදා තවත් හිමිනමක් සමග වාසය කර ඇත. මෙම කාල වකවානුවේදී කළුපන පඤ්ඤාසාර හිමියන් මෙම විහාරස්ථානයේ කටයුතු භාරව ක්‍රියා කරන්නට වූහ.

1965.03.29 දින කළුපහන පඤ්ඤාරා හිමියන් අපවත් වූහ. උන්වහන්සේගේ අපවත් වීමෙන් පසු හඳපාන්ගොඩ පඤ්ඤාසේකර හිමියන් විහාරස්ථානාධිපති නාහිමියන් ලෙස පත්වූහ. දැනට විහාරස්ථානයේ වැඩ සිටින බෝධීන් වහන්සේ මෑතකදී එනම් 1998.12.03 වන දින උඳුවප් පොහෝ දින රෝපණය කරන්නට යෙදුනකි. මෙම විහාරස්ථානයට මගින් ප්‍රදේශයේ බෞද්ධ ජනතාව සඳහා කඨින පිංකම්, බෝධි පූජා, සීල ව්‍යාපාර ආදිය පවත්වනු ලබන අතර දහම් පාසල් දරු දැරියන් සඳහා වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයක්ද පවත්වනු ලැබේ. ප්‍රදේශයේ ජනතාව නිරතුරුවම මෙම විහාරස්ථානව සමග අත්වැල් බැඳගෙන සිටී.

TOP