විහාරස්ථානයේ නම |
- |
ශ්‍රී සඳගිරි විහාරය |
ආරම්භක වර්ෂය |
- |
1972 නොවැම්බර් 16 |
ලිපිනය |
- |
අරකාවිල, හඳපාන්ගොඩ |
විහාරාධිපති නාහිමි |
- |
පූජ්‍ය අරකාවිල සාගර ස්වාමීන් වහන්සේ |
පිහිටීම |
- |
ඉංගිරිය-පාදුක්ක මාර්ගයේ කිලෝමීටර් 8ක් පමණ දුරින් පිහිටි අරකාවිල පාලම අසල ඇති අතුරු මාර්ගයේ මීටර් 200ක් පමණ දුරින් මෙම විහාරස්ථානය පිහිටා ඇත. |
ලියාපදිංචි අංකය |
- |
බෞ.කො/වි/හා/දෙ/03/10/003 |
දුරකථන අංකය |
- |
077-3333674 |
විස්තරය |
- |
සඳගිරි විහාරය අයත්වන්නේ සියම් නිකායේ මල්වතු පාර්ශවයටය. දැනට මෙහි භික්ෂූන් වහන්සේලා දෙනමක් පමණ වැඩ වාසය කරති. පූජ්‍ය අරකාවිල සාගර හිමියන්ගේ ප්‍රධානාචාර්යධූරයෙන් පවත්වනු ලබන සිරි පියතිස්ස දහම් පාසලේ 6 දෙනෙකුගෙන් සමන්විත ආචාර්ය මණ්ඩලය විසින් 35 දෙනෙකු සඳහා දහම් අධ්‍යාපනය ලබාදෙයි. මෙම විහාරස්ථානය හා සම්බන්ධ දායක සභාවේ පවුල් 150ක් පමණ වේ. |
සඳගිරි විහාරය අයත් වන්නේ සියම් නිකායේ මල්වතු පාර්ශවයටය. භික්ෂූන් වහන්සේලා පළමු වරට විහාරය ආරම්භ කිරීමේ අදහසින් පැමිණ පදිංචි වී ඇත්තේ දැනට පවතින ඉඩමට පහළින් පැවති ඉඩමේය. වර්ෂ 1973 ජූනි මස 02වෙනිදා උන්වහන්සේලා එහි පදිංචි වූහ. පසුව ඩබ්.එම්.පී. ධර්ම ගුණවර්ධන (වෑකඩ පොඩි මහත්තයා) උපාසක මහතා විසින් පූජා කළ දැනට පවතින ඉඩමට පැමිණ පදිංචි වී ඇත. ඔප්පු ලියා පවරාදීම සිදුකර ඇත්තේ වර්ෂ 1974 නොවැම්බර් 22 වනදාය. සංඝාවාසයට මුල්ගල තැබීම වර්ෂ 1976 ජනවාරි 04වෙනිදා සිදුකළ අතර එහි ගෙවදීම සිදුකර ඇත්තේ වර්ෂ 1978 නොවැම්බර් 02වෙනිදාය. මීට අමතරව පිළිවෙළින් බෝධීන් වහන්සේ රෝපණය කිරීම සහ විහාර මන්දිරයට මුල්ගල තැබීම යන කටයුතු වර්ෂ 1982.11.08 සහ 09 යන දෙදින තුළදී සිදු කෙරී තිබේ. විහාරයේ බුදු පිළිමයේ නේත්‍රා ප්‍රතිෂ්ඨාපනය වර්ෂ 1986.06.12 වැනි දිනදී සිදු කෙරිණි.
විහාරයේ විවිධ කටයුතු වලදී උපාසක උපාසිකාවන් රැසක් විවිධාකාරයේ දායකත්වයක් ලබාදී තිබේ.
චෛත්‍යය සඳහා ඉඩම් කැබැල්ලක් පූජා කිරීම - ඩබ්.මංගොනෝනා (1984.05.17)
මල් ආසනය සෑදීම - කළුතර උග්ගල්බඩ ජනහිත වෙළඳ ව්‍යාපාරික ඩබ්.එම්.ජයවර්ධන මහතා
කුස්සිය සෑදීම - නීලවීර උපාසක මහතා (1978.11.02)
ඉහලින් ඇති බෝධි ප්‍රාකාරය - බමුණු සිංඤා ජයකොඩි මහතාට පිං පිණිස පවුලේ අය විසින් ඉදිකරන ලදී.
පහළ බෝධි ප්‍රාකාරය - අරකාවිල පිස්කල් රාළහාමි සහ නෝනා මහත්මියට පිං පිණිස දරුවෝ විසින් කරන ලදී.
ඝණ්ඨාර කුළුන - ගොඩගම පදිංචි ව්‍යාපාරික ජේ.කුලරත්න මහත්මා කරන ලදී.
ශබ්ද විකාශන යන්ත්‍රය - නිමල් රූපසිරි ඉලුක්කුඹුර මහතාට පිං පිණිස දරුවෝ පූජා කරන ලදී.