×

HOW TO CONTRIBUTE

1 Arrange Your Information
2 Categorize as Article, Photo, News
3 Send it to Us

If you still have problems, please let us know, by sending an email to admin@ingiriyacity.lk. Thank you!

HOURS

Mon-Fri 9:00AM - 6:00PM

FORGOT YOUR DETAILS?

සිරි නිකේතනාරාමය

විහාරස්ථානයේ නම

-

සිරි නිකේතනාරාමය
ආරම්භක වර්ෂය

-

1958 ජූලි 30
ලිපිනය

-

කැකුළලිය, ඉංගිරිය
විහාරාධිපති නාහිමි

-

පූජ්‍ය වැලිකන්නේ ධම්මසිරි ස්වාමීන් වහන්සේ
පිහිටීම

-

ඉංගිරිය-හොරණ මාර්ගයේ කිලෝමීටර් 04ක් පමණ දුරින් හමුවන ශ්‍රී ධර්මාලංකාර මාවතෙන් හැරී කිලෝමීටර් 01ක් පමණ දුරකින් මෙම විහාරස්ථානය පිහිටා ඇත.
ලියාපදිංචි අංකය

-

බෞ.කො/වි/හා/දෙ/03/10/023
දුරකථන අංකය

-

034-2255063 / 071-6630786
විස්තරය

-

අමරපුර ආරියවංශ සද්ධම්ම යුත්තික මහා නිකායට අයත් මෙම විහාරස්ථානයේ දැනට ස්වාමීන් වහන්සේලා සය නමක් වැඩ වාසය කරති. දායක පවුල් 150ක පමණ දායකත්වයක් හිමි මෙම විහාරස්ථානය හා අනුබද්ධ ශ්‍රී සද්ධර්මාලංකාර දහම් පාසලෙහි ප්‍රධානාචාර්යධූරය පූජ්‍ය වැලිකන්නේ ධම්මසිරි හිමියන් දරනු ලබන අතර 12 දෙනෙකුගෙන් යුත් ඇදුරු මඩුල්ලක් සිසුන් 200කට ආසන්න පිරිසක් සඳහා දහම් අධ්‍යාපනය ලබාදෙයි.

 

සිරි නිකේතනාරාම විහාරය අයත් වන්නේ අමරපුර ආරියවංශ මහා නිකායටය. මෙම පන්සල ආරම්භ කරන ලද්දේ පූජ්‍ය ගිරිකොළ ධම්මාලංකාර හිමියන් වන අතර මෙම විහාරය පෞද්ගලික පන්සලක් බවට පත්වී ඇත. පූජ්‍ය ඌරුගල ඥානාලෝක හිමියන් විහාරාධිපති ලෙස පත්වීමෙන් පසුව මෙම විහාරයට සාංඝික ඔප්පුවක් සාදන ලදී. තෙවනුව මෙම විහාරයේ විහාරාධිපති ලෙස පූජ්‍ය නම්බපාන සුධම්ම හිමියන් පත්වී ඇති අතර දැනට මෙම විහාරයේ විහාරාධිපති ලෙස කටයුතු කරනු ලබන්නේ පූජ්‍ය වැලිකන්නේ ධම්මසිරි හිමියන්ය. මෙම විහාරස්ථානය මගින් පවත්වන පිංකම් අතර මල් පෙරහැර, පොහෝදා පවත්වන පිංකම්, කඨින පිංකම් ප්‍රධාන වේ. මෙම විහාරස්ථානය අක්කර තුනක භූමි භාගයක විසිරී පවතී.

TOP