1903 වර්ෂයේ ඔක්තෝබර් 14 දින ගාල්ල පෝද්දල ග්‍රාමයේ උපත ලද හරිස්චන්ද්රයන්හට කවිතිලක යන ගෞරවනාමය ගාල්ලේ කවි සම්මේලනයකදී හිමිවීමෙන් පසු කවිතිලක හරිස්චන්ද්‍ර යන නාමයෙන් එතුමා ප්‍රකට විය.
හිටිවන කවියෙහි අතිශය දක්ෂතා දැක්වූ මොහු එවකට රසික ජනතාව අරඹයා විවිධ තේමාවන් මත කාව්‍ය රචනයෙහි යෙදිනි.
ඉසදිය, කොටහළුව, අරුංගලේ, පරමාණු බෝම්බය, මගුල් ගෙදර මෙතුමා අතින් රචිතව ප්රකාශනයට පත්වූ කාව්‍ය ග්රන්ථයන්ය. කොළඹ යුගයේ දක්ෂ කවියෙකු වූ මොහු වෘත්තියෙන් ලංකා තේ ප්රචාරක මණ්ඩලයේ අලෙවි ප්‍රචාරකයෙකු ලෙස කටයුතු කළේය.
බබුන් නෝනා සෝමලතා මහත්මිය සමග විවාහපත්ව දරුවන් දසදෙනෙකුගේ පියෙකු ලෙස ඉංගිරිය ගාල්ලේගම ජීවත්වූ මෙතුමා 1981දී මෙලොවින් සමුගත්තේය.