1925 වර්ෂයේ දෙසැම්බර් 17 දින වෛද්‍යාචාර්ය රොමානිස් වනිගතුංග සහ ගීකියනගේ සොපිනෝනා යුවලට දාව උපත ලද ප්‍රේමරත්න වනිගතුංගයන් උඩුව පිරිමි විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනයද පසුව ශ්‍රීපාලි විද්‍යාලයෙන් සහ හඳපාන්ගොඩ මහා විද්‍යාලයෙන්ද සිප් සතර හැදෑරීය.
රජයේ ලලිත කලායතනයට බැඳීමත් සමග ප්‍රවීන චිත්‍ර ශිල්පීන්ගේ ඇසුර සහ මග පෙන්වීමෙන් චිත්‍ර කලාව වඩාත් හොඳින් ප්‍රගුණ කල මෙතුමා 1951 වර්ෂයේදී ලංකා කාර්මික විද්‍යාලයට අනුබද්ධ රජයේ කලායතනයේ සිසු උපදේශකයෙකු ලෙසද 1983 වසරේදී සෞන්දර්ය අධ්‍යාපන ආයතනයේ චිත්‍ර මූර්ති අංශයේ ප්‍රධානියා බවට පත්විය.
චිත්‍ර මූර්ති ශිල්පය, ගොක් කලා නිර්මාණ, වෙස් මුහුණු කැපීම, තොරණ්, පොත් කවර නිර්මාණය ආදී ක්ෂේත්‍ර මෙන්ම සීගිරිය, මහියංගනය ධාතු ගර්භයේ සිතුවම්, දොගල්දොරුව මෙන්ම මහනුවර යුගයේ සිතුවම්ද ඔහුගේ අතින් පිටපත් විය. 1973 වර්ෂයේද ලංකා මුද්දර කාර්යංශය මගින් සීගිරි, පොලොන්නරුව, දෙගල්දොරුව චිත්‍ර ඇතුලත් මුද්දර, ජනරජ ලාංඡනය ඇතුලත් මුද්දර, සිද්ධාර්ථ උත්පත්තිය අදාලකරගත් මුද්දර ආදියද නිර්මාණ කරන්නට යෙදිනි.
ජනාධිපති පදක්කම, දේශමාන්‍ය, දේශබන්ධු, වීර චූඩාමණී, වීර ප්‍රකාප, විද්‍යා ජ්‍යොති, විද්‍යානිධී, කලා නිධී, කලා කීර්ති, කලාශූරී සම්මාන සඳහා දේශී්‍ය කලාශිල්ප ආභාෂයේ හුරුව ලබාගත් මෙතුමා ශේෂ්ඨාධිකරණ ලාංඡනය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සෙංකෝලය ආදී කෘතහස්ත නිර්මාණයන්හී හිමිකරුවානන්ද වන්නේය. විහාරාරාම සිතුවම් කලාවේදී මෙතුමා විසින් කල දළුපන විහාරයේ සිතුවම් නිර්මාණය, බිසෝවල රජමහා විහාරයේ සිතුවම් නිර්මාණය, දළදා මාළිගයට අයත් මංගල හස්ථිරාජයා සරසන ස්ථානයේ ඉදිකළ විශේෂ මණ්ඩපයේ ඇඳි සිතුවම් විශේෂත්වයක් ගනී